IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොළඹ ගෙවල් තියෙන මන්ත්‍රීවරුත් මාදිවෙල ගෙවල් අරගෙන

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද  නිවාස විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි  මාර්ගවලින් පැවසේ.

කොළඹ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට  මාදිවෙල මන්ත්‍රී නිල  නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව  තහනම්  බව  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත්තේ  තමන්ට කොළඹ නිවාස නැති බව  දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව  කියති.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස  සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම ඇති අයද  ඇතුළත් වෙතියි වාර්තාවේ.

මේ අතර මන්ත්‍රීවරුන්  පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා  වෙනත් ස්ථානවල පදිංචිව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ නිවෙසක් නොමැති  ඈත දුර බැහැර ප්‍රදේශවල ඇතැම්  මන්ත්‍රීවරුන්ට මේ තත්ත්වය යටතේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම විශාල ගැටලුවක්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.



අදහස් (11)

කොළඹ ගෙවල් තියෙන මන්ත්‍රීවරුත් මාදිවෙල ගෙවල් අරගෙන

පුරවැසියා.. Saturday, 04 June 2022 11:34 AM

රටට අවංක දේශපාලනඥයින් නොමැතිවීම අභාග්‍යයකි. අනාගතයේදී රටට, ජනතාවට අවංකව කටයුතු කරන මහත්වරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව වගබලාගත යුතුයි...

:       0       8

nimal Saturday, 04 June 2022 12:08 PM

කොළඹ තමන්ටම අයිති නිවාස ඇති, මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසා සිටින්නේ නම් කිසිඳු සොයාබැලීමකින් තොරව දේශපාලන බලයට යටත්ව ක්‍රියා කරන පාර්ලිමේන්තු නිලධාරිහුද වගකිව යුතුවේ. විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ නම් සියල්ල හෙළි කළ යුතුය.

:       0       8

ravin Saturday, 04 June 2022 12:20 PM

ශිෂ්ඨ සමාජ දූෂිතයින්ගෙන් අවංකවම හා සාධාරණත්වය බලාපොරොත්තු වීම විහිළුවකි. හැබැයි නමට සද්ගුණවත් මහජන සේවක.. තැන? රටේ නීති රීති සම්පාදනය හා නිසි අයුරින් පවත්වාගෙන යනවා... සියලු නීතිරීති බිඳ දමා හොරවැඩ කිරීම.. මෙන්න මේ වෙනස කරන්න තමයි අරගලය..!

:       0       7

Kumara Saturday, 04 June 2022 01:52 PM

ගිනි දෙයියෝ වඩම්මවන්න වගේ වුවමනාව...

:       0       9

das Saturday, 04 June 2022 03:17 PM

මේ අයට ගහන්න ඕනේ බූවලිගයෙන්...

:       0       10

සකල ගුරු Saturday, 04 June 2022 04:40 PM

මම ජනාධිපති වුණොත් මාදිවෙල ගෙවල් අරගෙන සිටින අයගේ කොළඹ තියෙන ගෙවල් රජයට පවරාගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රජයට ආදායම් ලබා ගන්නවා.

:       0       12

Koswatte Saturday, 04 June 2022 04:58 PM

මේ අය හැදෙන්නේ නැහැ කවදාවත්...!

:       0       7

රන්ජන් Saturday, 04 June 2022 05:35 PM

ලප කුමාරගේ ගෝලයා කාන්ත දැනට අවුරුදු 19ක් තිස්සේම පදිංචි වෙලා ඉන්නේ මන්ත්‍රී නිවාසයක... එයා පාර්ලිමේන්තුවේවත් ඉන්න කෙනෙක් නෙමෙයි...!

:       6       7

rocky Sunday, 05 June 2022 05:22 AM

රංජන් උන්නැහේ, කරුණාකර ඕපාදූප නැතිව ඔබේ කතාව ඔප්පු කරන්න...! 

:       0       0

sugath Sunday, 05 June 2022 06:59 AM

වංචාව, හොරකම මුල් බැස ගත් සමාජයකින් මීට වඩා දෙයක් බලාපොරුත්තු විය නොහැක.

:       0       0

විජය Monday, 06 June 2022 07:52 AM

ගත්තෙ නැතිනම් තමා පුදුම.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1415 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2213 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4845 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 813 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1811 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24046 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site