(මුදිතා දයානන්ද)
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරියක බවද වාර්තාවේ.
පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ.
ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඡන්ද 4ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද 2ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග්‍රහණය කළේය.
සමන් අබේගුණවර්ධන මහතා පරාජයට පත්වීම ඉවසාදරාගත නොහැකි වූ ඔහුට සමීපතම මන්ත්‍රීවරියක එහිදී මෙම කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇතැයි ද වාර්තාවේ.
රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමත් සමග මන්ත්‍රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්‍රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම බෑගය වැනි දෙයක් ප්‍රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බව ද ප්‍රදිප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බව ද ඔහු කීය.
කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නාගරික මන්ත්‍රීවරුන් දෙපිරිසකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් ඝෝෂාකර ගන්නට වූහ.
එම නිසා කොළඹ මහ නගර සභාවේ කමිටු ශාලා එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් කළේය.
ප්‍රදීප් ජයවර්ධන මහතා පසුව වෙනත් ඇඳුමක් ඇඳගෙන එම ස්ථානයෙන් පිටව ගිය බව ද එම නාගරික මන්ත්‍රීවරයා පැවසීය.
ප්‍රදීප් ජයවර්ධන මහතා සිද්ධිය සම්බන්ධයෙන් නාගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක්
මැක්ස් Monday, 31 January 2022 07:42 PM
මෙවැනි කෂඩ, තුප්පහි කාන්තාවක නගර සබාවට එන්න චන්දෙ දීපු අයට එල්ල කරපු ප්‍රහාරයක් මේක. ප්‍රදීප් මහතා ප්‍රභු පවුලක වැදගත් පුද්ගලයෙක්. ජේ. ආර්. මහතාගේ මුණුපුරා. එහෙම මිනිසුන්ටත් මෙහෙම වෙනකොට වැදගත් මිනිස්සු දේශපාලනේට එයි ද! එතකොටත් දිනන්නේ මේ වගේ අසමජ්ජාති පුද්ගලයින්. එම නිසා මැයට එරෙහිව වහා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අනිත් අතට මෙය එක්තරා අන්දමක දයිවයේ සරදමක්. ලංකාවේ දේශපාලනය මේ වගේ පහත අධම තත්වයට ගෙනෙන්න ජේ. ආර්. මහතා සැහෙන්න වැඩ කොටසක් කළා. එතුමාගේ මුණුපුර අද එහි ගොදුරක් වෙලා.
චින්තක Monday, 31 January 2022 07:45 PM
ප්‍රදීප් ජයවර්ධන කියන්නෙ ජේආර්ගෙ මුණුබුරා නම් හොද වැඩේ තමන්ගෙ ආතා ඉහළම තත්වයට පත්කල පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් මෙහෙම වීම ඉතාම සාධාරණයි බල්ලො එක්ක ලැග්ගනම් මැක්කොත් එක්කම ඉන්න වෙනවා
nimal Monday, 31 January 2022 09:26 PM
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරිමම පරිසර හානියකි
chandima Monday, 31 January 2022 10:43 PM
manthri thumiya ahala pahalama unnanam kunu biththara pirin badaagaththanam wade iwarayine. aye polisi yanna onath naha.
Bamunuarachchi Tuesday, 01 February 2022 09:56 AM
කුණු බිත්තර වලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා වගෙයි.
Bamunuarachchi Tuesday, 01 February 2022 09:58 AM
මොන පැමිණිලිද හලෝ අනික් දවසේ උන්ට ශුචි ගහනවා.