IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දෝස් මුරයක්

(රෝෂන් තුෂාර)

කොළඹ කුරුඳුවත්ත සංගීත ගුරුවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ කටයුතු පිළිබඳව විමතිය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසීය.

විමර්ශන ක්‍රියාවලිය මන්දගාමීව හා නොදැනුවත් ආකාරයෙන් සිදුවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශනය කිරීමේ හැකියාව හෝ නොහැකියාව සම්බන්ධයෙන් ලබන 26 දින පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරමින් දන්වා සිටියේය.

දෙසැම්බර් 15 වැනි දින සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂකවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

ඝාතක සැකකරු නිවසට ඇතුළු වන දර්ශන ඇතුළත් සීසීටීවී අසල නිවෙස් දෙකක ඇති බවත්,එම නිවෙස් හිමියන් අදාළ ඩී වී ආර් යන්ත්‍ර ලබාදීමට මැලිකමක් දක්වන බව බවත්,උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

එම ඩි.වි.ආර් යන්ත්‍රවල දර්ශන දින 14කින් මැකී යන බවට නිවැසියන් ප්‍රකාශ කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මරණකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය මෙම සිද්ධිය යට ගැසීමට ප්‍රයත්න දරන බවට පෙනී යන බවය.

එබැවින් මෙම විමර්ශන කටයුතු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා"ඩි වි ආර් යන්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට බෑ කියන්නේ ඒක පොලිසියක්ද?යනුවෙන් අදාල උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළේය.ඩීවිආර් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශයට ඇති නොහැකියාව අධිකරණයේ කරුණු දක්වන නිලධාරියා කියා සිටින බවට නඩු පොතේ සටහන් කළ මහේස්ත්‍රාත්වරයා අදාළ අංශයේ නිලධාරීන් "අපරාධ විමර්ශන ක්‍රියාවලිය" ගැන කිසිදු අවබෝධයකින් තොරව අධිකරණය ඉදිරියේ කරුණු දක්වන බවටද සටහන් කළේය.

 



අදහස් (4)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දෝස් මුරයක්

Bamunuarachchi Wednesday, 17 January 2024 05:57 AM

පොලිස් කාරයෝ පගාවක් ගහල වෙන්න ඇති. නැතිනම් මොන ගොබ්බයද උසාවියට කියන්නේ අදාළ දර්ශන උසාවියට ඉදිරිපත් කරන්න බැහැ කියලා

:       0       3

Upul Wednesday, 17 January 2024 06:46 AM

DVR අයින් කළාම තමන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ. පොලිසිය DVR ප්‍රතිස්ථාපනය කළ යුතුය නැතහොත් සියලුම අයිතම පිටපත් ගත යුතුය. අපරාධ නඩුවකදී වසර ගණනාවක් ගත වනු ඇත, පසුව ඔවුන්ට අයිතමය අහිමි වේ. වලංගු පිටපතක් ලබා ගැනීමට නිසි පද්ධතියක් තිබිය යුතුය.

:       1       2

visnu Wednesday, 17 January 2024 09:14 AM

කණගාටුදායක තත්වයක්. පොලිසිය ඔවුන්ගේ අධිකාරිය දන්නේ නැත. පොලිස් බඳවා ගැනීම්, පුහුණුව, උසස්වීම්, ස්ථාන මාරුවීම්, OICC ස්ථානය, කොට්ඨාශය වැනි තනතුරු සියල්ල දේශපාලනය යටතේ පවතී. බොරු පමණි ,අන් කිසිවක් නොපෙන්වයි. දැන් නායකත්වය දරන්නේ හිටපු භික්ෂුවක් . මහා පරිමාණ ආනයනකරුවන් සහ ආධාරකරුවන් නිදහස භුක්ති විඳිති. පසුගිය වසර කිහිපය තුළ දෙමළ ගැසට් (ASP) කීයක් ඇතුළත් කර තිබේද? බයියන්ගේ පොලිසිය

:       0       6

Lal Wednesday, 17 January 2024 10:01 AM

පොලිසියෙම මාමා කෙනෙක්ද දූශනය කරල තියෙන්නෙ. කොළඹ ඔහොම නම් ගමක උනොත් කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 75 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1295 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8205 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 492 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1795 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3481 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site