(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.
අද අලුයම පැවති සුළං සහ වර්ෂාව සමඟ මෙම මාර්ගයේ දෙපස ඉවුරු වල පස් කන්ඩි මත තිබූ අඩි සියයකට වඩා උස දැවැන්ත කරපන්ටයින් ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
ගස් කීපයක් එකම ස්ථානයකදී ඇදවැටී තිබූ අයුරු ද දක්නට ලැබුණි.
දියතලාව යුධ හමුදාව හපුතලේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,හපුතලේ විශේෂ කාර්ය බළකාය ,දැව සංස්ථාව , ප්‍රදේශවාසීහු දියතලාව පොලීසිය හා එක්ව පැය හතක පමණ මෙහෙයුමකින් පසුව මාර්ගය විවෘත කර ගැනීමට හැකි වූ බව දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම මාර්ග කොටසේ මාර්ගය දෙසට ඇලවී කඩාවැටීමට ආසන්නයේ තිබෙන තවත් ගස් රැසක් තිබෙන බැවින් එම මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක තත්ත්වයක පවතින බව රියදුරෝ ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ - බදුල්ල පාර යථා තත්වයට