(මනෝප්රිය ගුණසේකර)
නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව සඳහන් කරමින් දේශපාලනඥයන්ට විරුද්ධ නඩු බොහෝමයක් අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිෂම උනන්දුවක් දක්වන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැවසීය.
නඩු පැවරීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු පමණක් බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී හෙළිවීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට නිදොස් කොට නිදහස් කළේය.
සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනකු මෙලෙස නිදොස් කොට නිදහස් කළේය.
සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීහු වශයෙන් කටයුතු කළ නිමල් රෝහණ සෝමවර්ධන හා r m කරුණාතිලක යන මහත්වරුන් ෙලෙස නිදොස් කොට නිදහස් කළේය.
2009 ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලවායේදී හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරමින් සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුවන්ට එරෙහි නඩුව අල්ලස් කොමිසමේ අනුමැතිය යටතේ පවරන ලද බවට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉදිරිපත් කළ කරුණු අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා පිළිගැනීමක් කළේය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ මහාධිකරණ විනිසුරු අල්ලස් කොමිසමේ දොස දකී
සෑම් Thursday, 12 August 2021 01:02 PM
සියළුම හිරේ ඉන්න හොරු මිනී මරුවෝත් ඔය දේශපාලුවෝ වගේ නිදහස් කරලා එක රටක් එක නීතියක් ප්‍රායෝගිකව ඇති කරලා පෙන්වන්න
Kule Thursday, 12 August 2021 01:38 PM
මොන ආණ්ඩුව ආවත් හිටපු ආණ්ඩු අනාගත ආණ්ඩු සඳහා අල්ලස් චෝදනා වලින් බේරීම සඳහා පැනයාමට කපොලු විවෘත කරලයි යන්නේ. මාධ්‍ය සංදර්ශන පවත්වා චන්ද දායකයින් ප්‍රබෝධමත් කිරීම විතරයි කලේ
Nihal Thursday, 12 August 2021 01:55 PM
බලාගෙන යනකොට ඔක්කොම එකයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 August 2021 01:57 PM
මහාධිකරණ විනිසුරු තුමාට ස්තූති වේවා ... !!! රටේ තියෙන තත්ත්වය ගැන මේ කියන්නේ මහාධිකරණ විනිසුරු තුමෙක්.රටේ දේශපාලනඥයන් ට හා ඉහළ නිලධාරී පැලැන්තියට එක විදිහක්.දුප්පත් රටවැසියාට තවත් විදිහක්.
විජිත් Thursday, 12 August 2021 02:34 PM
සහතික ඇත්ත සමිත. මෙයා තවම කොන්දේ අමාරුව හැදිලා නැති, එහෙම නැතිනම් පාලකයින් විසින් කොන්ද කඩලා නැති , එහෙමත් නැතිනම් තමන්ගේ කොන්ද පාලකයින්ට කඩන්න ඉඩනොදෙන වර්ගයේ, අවංක විනිසුරු වරයෙක්.මේවගේ අය 25 ක් හිටියානම් මේ රට ගොඩ.ඔක්කොම හොර, දුෂිත ,අමන , අසික්කිත දේශකාපාලුවන් බලු කුඩුවේ.
Prasad Thursday, 12 August 2021 02:51 PM
ඇයි කවුරුත් මේකට රෙස්පෙක්ට් සර් කියන්නෙ නැත්තේ. ඇත්තටම රෙස්ප්ක්ට් සර්. (ව්නීිිසුරුතුමනි) සැමට සාධාරන බව පෙන්නුවට
Siri Abeygooneratne Thursday, 12 August 2021 05:07 PM
රන්ජන් රාමනායක කියලා තියෙනවා.