(ශාන්ත පී බණ්ඩාර, චමිල් රූපසිංහ සහ චමින්ද වැව තැන්න)
කොළඹ මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.
නාය යාමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ මෙම මාර්ගය වසා දැමූ අතර වර්ෂාව අඩු වූ නිසා එය අද දහවල් විවෘත කිරීමට තීරණය කර තිබුණි
පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්න කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන අතර එහි ඇති පැලුම් කිහිපයක්තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා සදහන් කළේය.
පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගත යුතු බවත්මෙම නාය යෑම වලක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක්‍රමවේද භාවිත කරමින් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා කීය.
කදු සහිත ප්‍රදේශය නාය යෑමේ අවධානමක් පවතින බැවින් එය නැරඹීමට නොපැමිණෙන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මහනුවර වාහන ගමනා ගමනයට මින් සිදුව තිබෙන බලපෑම ඉවත් කිරීම සඳහා කඩිනමින් එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉල්ලා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම ස්ථානය ස්ථාවර කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගන්නා බවත් අදාළ ස්ථානයේ පවත්වා ගෙන යන පලතුරු වෙළෙඳ සැල් ඉවත් කර ගන්නා ලෙස වෙලද සැල් හිමියන්ට දැනුම් දී තිබෙන බවද කනක හේරත් මහතා කිය.
(ඡායාරූප: චමිල් රූපසිංහ )
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි
Dolapihilla Thursday, 11 November 2021 03:54 PM
ගල විද්ද අය කොළඹට නම් එපා...
Anandajyararatne86gmil.com Friday, 12 November 2021 09:04 AM
එක් මන්තීරුවක් හරි විවෘත කරන්න. අපි වැඩට යන්නේ කොහොමද?