IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම විසිවෙයි

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් පත්‍රය සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ‌කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බවද අධිකරණ තීන්දුවේ සදහන් වේ.

කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමය , එහි සභාපති ඒ.එන් .ජයන්ත මහතා විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඇතුළ පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කාර සංගමය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ රියදුරු පාසල් හිමියන් 60 කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. එම සංගමයේ සභාපතිවරයා ද රියදුරු පාසල් හිමිකරුවෙකි.ඉදිරිපත් වූ කරුණු අනුව 2017 මැයි මාසයේදී මෝටර් රථ වාහන පනතේ අට වැනි රෙගුලාසි අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී ඉදිරිපත් කරන අයදුම් පත්‍රය සමග සෑම අයෙකුම  රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

එහෙත් පසුව එම තීරණය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් වෙනස් කර තිබේ.ඒ හේතුවෙන් අගතියට පත් පෙත්සම්කරුවන් විසින් මෙම රිට් පෙත්සම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා  රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකය අනිවාර්ය නොකිරීමට ගත් තීරණය බලශූන්‍ය කර , එම සහතික අනිවාර්ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

මෝටර් රථ ප්‍රවාහන පනත අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයකු රියදුරු පුහුණු පාසලට ඇතුළත්ව පුහුණුව ලබා ගත් බවට සහතිකයක් ඉදිරිපත් කිරීමට අනිවාර්ය අවශ්‍යතාවයක් බව සදහන් කර තිබේ.

එම නිසා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපෙක්ෂ කරන්නෙකු සිය අයදුම්පත සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමට එකගවන බවද අධිකරණ තීන්දුවේ සදහන් වේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රධාන තර්කය වන්නේ ප්‍රවාහන පනතේ රෙගුලාසි අංක අට අනුව රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේදී අයදුම්පත සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර නොමැති බවත් , එවැනි අනිවාර්ය කිරීමක් කළහොත් එය පනතේ ප්‍රතිපාදන අභිබව යෑමක් සිදුවන බවත්ය.

ඒ අනුව මෙම රිට් පෙත්සම මගින් ඉල්ලා ඇති සහන ලබා දීමට නීතිමය පදනමක් නොමැති බවත් , පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බවටද තීන්දුවේ සදහන් වේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ විශ්ව ගුණරත්න මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ . ආචාර්ය චාරුක ඒකනායක සමග අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (4)

කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම විසිවෙයි

කිරි පුතා Monday, 13 September 2021 06:23 PM

පොඩි ගසා කෑමකට සූදානම් වෙලා. වැඩේ හරි ගියේ නෑ...

:       0       14

Nihal Monday, 13 September 2021 06:43 PM

රියදුරු පාසල් දුප්පත් තරුණයන්ගෙන් කෝටි ගණන් අයථා විදිහට ලබාගන්න ගුහාවක්... !!! ඉල්ලන ගාන දුන්නොත් ට්‍රයල් මුකුත්ම නැතිව ලයිසන් එක ගෙදරටම එනවා.

:       0       11

Sanju Monday, 13 September 2021 07:03 PM

යම් රියදුරෙක් වැරැද්දක් කළොත් එම රියදුරාට පමණක් නොව, ඔහු එම සහතිකය ලබාගත් රියදුරු පාසලත්, දඩයක් ගෙවන්න සිදුවන විදිහට රියදුරු බලපත්‍රයේ සහතිකය ලබාගත් රියදුරු පාසලේ නමත් සඳහන් කළා නම් යම්තාක් දුරට හෝ රිය අනතුරු වලින් ඒ කාලේ විනාශ වෙන ජීවිත ටිකක් හෝ රැක ගන්න හැකි වේවි..!!! 

:       2       10

jaya`Tuesday, 14 September 2021 07:19 AM

දරුවන්ගේ වැරැදිවලට දෙමව්පියන්ට දඬුවම් කරන්න ඕනේ ඔය කියන විදිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 27 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 370 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 162 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 702 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 53 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 327 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site