IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොළඹ වරාය පුළුල් කිරීමට දෙන මුදල් අඩු කරයි

(නාමිණි විජේදාස)

කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට චයිනා මර්චන්ට් පෝට් සමාගම තීරණය කර ඇත.

කොළඹ වාරයේ ජැටිය හෝ බහාලුම් අංගනය වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගියදා දැනුම් දීමෙන් අනතුරුව චයිනා මර්චන්ට් පෝට් සමාගම මෙම තීරණයට එළඹී තිබිණි. කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ පාලන බලතල හිමිවී තිබෙන්නේද චයිනා මර්චන්ට් පෝට් සමාගමටය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයකින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදුන්නේය. එම තීරණය නිල කැබිනට් වෙබ් අඩවියේද පළවූ අතර තිබෙන උපකරණ වැඩි දියුණු සහ නවීකරණය කරන අතරතුර කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය නව උපකරණ හඳුන්වා දීමටද කටයුතු කරනු ඇතැයි එහි සඳහන් විය. එසේම කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව ඉදිකිරීම්ද සිදුවනු ඇතැයි එහි දැක්විණි.

පර්යන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණ විය. එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා බදු සහනයක්ද ලබා දුන්නේය. ව්‍යපෘතිය නිවේදනය කළ 2020 ගැසට් පත්‍රයට නව වගන්තියක් එක් කරමින් මෙම වසරේ මැයි මාසයේදී තවත් ගැසට් පත්‍රයක් නිකුත් වූ අතර ව්‍යාපෘති සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ යෝජිත ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් හෝ ඊට සමාන මුදලක් ආයෝජනය කළ යුතු බවට එහි සඳහන් විය.

 



අදහස් (1)

කොළඹ වරාය පුළුල් කිරීමට දෙන මුදල් අඩු කරයි

sam Monday, 08 July 2024 05:18 AM

රට විනාශ කල GONTA අනුමත කළා නම් විනාශයි .කිසිම දැනුමක් නැති කෙනෙක් නේ

:       6       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 17 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 132 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 92 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 416 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 943 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3368 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24729 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site