( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.
කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇත.
එම පුද්ගලයින් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.
සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 න් 53 කට කොරෝනා
Akila Wednesday, 25 November 2020 05:45 AM
මේ ගොල්ලොත් නිරෝධායනයට අහු වෙච්චි නැති කට්ටියක්ද? කොහොමද රට ඇතුලට ඇවිල්ලා තියෙන්නේ...?
bandaWednesday, 25 November 2020 09:43 AM
මේ ඉන්දියන් කාරයෝ වසරකට පමණ පෙර ලංකාවට පැමිණි අය.
sam Wednesday, 25 November 2020 07:14 AM
ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් වැඩි හින්දද ඉන්දියන් කාරයින් මෙහෙ වැඩ කරන්නේ..? මහ පිස්සන් පාලනය කරන රටක් මේක...
Prabha Wednesday, 25 November 2020 09:25 AM
ඉන්දියා, චීන ආයෝජන ඔහොම තමා.
bandaWednesday, 25 November 2020 09:48 AM
ලංකාවේ ඉන්න හාල්පාරුවෝ වැඩට එන්නේ නැති නිසා තමයි පිටරටින් කම්කරුවෝ ගේන්න වෙලා තියෙන්නේ. බලන්න හැම සයිට් එකක් ළඟම... වේකන්ස් බෝර්ඩ් දාලා තියෙන්නේ.
සමන්තWednesday, 25 November 2020 11:19 AM
ඒක නම් ඇත්ත.. ලංකාවේ ගොඩාක් වේකන්සි තියෙනවා ඒත් කටිටිය නෑ. ඉන්දියන්, චයිනීස් විතරක් නෙමේ ලංකාවේ රස්සා කරන්නේ ඉන්දුනීසියානු, ඉරන්, පිලිපීන්, පකිස්තාන්, මියන්මාර්, තායි, යුරෝපියන්, ඇමරිකානු, කැනේඩියානු, නයිජිරියානු යන බොහෝ ජාතිකයන් ලංකාවේ රැකියා කරනවා.
Rasika Wednesday, 25 November 2020 07:14 AM
රැකියා අර්බුදයට හේතු තමයි...
සමන්Wednesday, 25 November 2020 04:17 PM
ලංකාවේ රැකියා අර්බුදයක් නැත. ඇත්තේ තියෙන රැකියා කිරීමට කට්ටිය අකමැති වීමයි. හැමෝම රජයේ රුකියා බලාපොරොත්තුවෙන් පාරේ පිකටින් කරයි. ඉතින් සමහර රැකියා කිරීමට ලංකාවේ අය අකමැති නම් විදේශිකයින් ගෙනඒමට සිදුවෙනවා. එය ලෝකයේ හැම රටේම වෙන දෙයක්.
sam Wednesday, 25 November 2020 09:25 AM
සමාගමේ නම කියන්නේ නැත්තේ අනිත් මිනිසුන්ටත් බෝ කරන්නද.?