(රෝෂන් තුෂාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැට ගලවාගෙන ගියේ යැයි කියන සංචාරක සොරා, අදාල චෝදනාවන්ට වරදකරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01)නියෝග කළේය.
විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සොරකමේ නිරත වූයේ යැයි චෝදනා කරමින් කුරුඳු වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුරේ සෙල්ව පෙරුමල් ශිවා නැමැති පුද්ගලයා මෙසේ වරදකරු කරනු ලැබීය.
විත්තිකරුගේ පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට පොලිසියට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පෙරවැරදි වාර්තාව ලැබුණු පසුව දඬුවම් නියම කරන බව දන්වා සිටියේය.
සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැටේ යකඩ බාර් සොරා ගැනීමට එරෙහිව කුරුදු වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක බණ්ඩාර සේනානායක මහතා මෙම නඩුව ගොනුකර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අදාළ චෝදනාවන්ට තමන් වැරදිකරු බවට සැකකරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් නියම කිරීම ලබන 18 දිනට නියම කෙරිණි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ සරසවියේ වැට ගැලවූ හොරාට දඬුවම 18ට
kotiya Saturday, 02 March 2024 07:14 AM
අපරාදේ මේ මෝඩ මනුස්සයා වැරැද්ද පිළිගත්තේ... නිවැරදි කරු කියලා කිව්වා නම් තව අවුරුදු 25ක් විතර ආතල් එකේ දඬුවම් නොවිඳ ජීවත් වෙන්න තිබ්බා...