IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොළඹදී විරෝධතා රැසක්

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි.

නිදහස් චතුරස්‍රය, ලිප්ටන් වටරවුම, ෂැංග්‍රිලා හෝටලය අසල, දියත උයන, රාජගිරිය ගුවන් පාලම අසල, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට, කොළඹ ජාතික රෝහල හා කොළඹ විශ්ව විද්‍යාලය අසල, කොම්පඤ්ඤවීදිය ආදී වශයෙන් ස්ථාන රැසකදී ජනතාව විසින් විරෝධතා ගණනාවක් සංවිධානය කර තිබිණි..

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙන්ම වෘත්තිකයන් එක්ව සංවිධානය කළ සාමකාමී විරෝධතාවයක් ද කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

තරුණ නීතීඥයින් සහ ජනමාධ්‍යවේදීන් මෙන්ම විවිධ වෘත්තිකයින් විශාල පිරිසක් එයට එක්ව සිටියහ.

පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස අනතුරුව එම ස්ථානයේ දේශාභිමානී ගීත ගායනා කරනු දක්නට ලැබිණි.

කලාකරුවන් විසින් සංවිධානය කළ විරෝධතා කිහිපයක් බත්තරමුල්ල දියත උයන, රාජගිරිය ගුවන් පාලම, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට දී පැවති අතර නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් එයට එක්ව සිටිනු දක්නට ලැබිණි.

රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, මහේෂි මධුෂංකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් ගුණසේකර, මුතු තරංගා, අභිෂේකා විමලවීර, රයිනි චාරුකා, සජිත අනුත්තර, ශානිකා වනිගසේකර, නලීන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල, සංඛ දිනෙත්, දුලීකා මාරපන, අශාන්ති ද අල්විස්, පේෂල මනෝජ්, දමිතා අබේරත්න ආදී ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම විරෝධතාවයන්ට එක්වූහ.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මිය ද කොළඹ දී පැවති විරෝධතාවන්ට එක්ව සිටියහ.

මෙම විරෝධතා පැවති ස්ථානවලින් ගමන්ගත් වාහනවල රියදුරන් වාහනවල නලා නාද කරමින් විරෝධතාවයන්ට සහය දැක්වූ අතර ඇතැමුන් ජල බෝතල් ආදිය බෙදාදෙමින් ඔවුන්ට සහයෝගය ලබාදුන්හ.

එමෙන්ම වාහනවල ගමන් ගත් පිරිස් ද තම වාහනවල ආණ්ඩු විරෝධී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ඹනය කරමින් ගමන් කරනු දක්නට ලැබිණි. 



අදහස් (5)

කොළඹදී විරෝධතා රැසක්

ඇත්ත Monday, 04 April 2022 09:11 PM

ග්‍රීසිය නැගිට්ට හැටි ආදර්ශයට ගෙන දේශපාලකයන්ට වන්දිභට්ටකම් කරන වියතුන් නොව ඉතිහාසයේ ප්‍රායෝගිකව ලෝකයේ වෙනත් රටවලට එවැනි ආර්ථික උපදෙස් සපයා ඇති ලාංකික විශේෂඥ මණ්ඩලයකට ආරාධනා කළ යුතුයි. කරට අතදාලා නැදෑකම් කියන අයව හැගීමිබරව දේශපාලකයන් කිරීම දැන්වත් නවත්වන්න. රැකියාවක් ලබාගන්න අධ්‍යාපන සුදුසකම් වගේම අතීතයේ පෙන්වා ඇති අවංකකම මෙන්ම දක්ෂතාවයන් සැලකිල්ලට ගන්නා සේම රට කරවන්නට නූගත්, පොතට උගත් මෙන්ම අදුරු අතීත වංචනික වාර්තා තැබූවන් පත්කර නොගෙන දේශපාලක ගැතිබව නිසා මේ රට දකුණු ආසියාවේ ආපස්සටම ගිය හැටි ආදරශයට ගත යුතුයි. මෙවැනි වැරදි යළි නොකර පාට කණ්නාඩි ඉවත ලමු.

:       0       0

Sameera Tuesday, 05 April 2022 05:10 AM

මේ ඇවිල්ලා බොරු පොෂ් රැල්ලක්!! රට හදන්න නෙවි! මේ හදන්නේ ඉරාකයේ සහ ලිබියාවේ නායකයින්ට අත්වුණු ඉරණම හදන්න! ගඩාෆි/සදාම් හුසේන් එලවලා අද එම රටවල් දෙකම අරාජික වේලා! මේ හදන්නේ අප්‍රියෙල් 21 වෙනකොට මහින්දවයි, ගොඨාභයටයි පාරට ඇදලා දන්න! අමතක කරන්න එපා එහෙම උනොත් ශ්‍රි ලංකාවේ ජිවත්වෙන සිංහල ජාතියේ අවසානය වේවි! රට හදන්න ධම්මික පෙරේරා වගේ නායකත්වයක් ගෙනෙමු! ව්‍යවස්ථාව වෙනස් කරන්න බලකරමු! නිතිය ස්වාධීන පොලිස් කොමිෂන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , පලාත් සභා අහොසි කිරිම , මන්ත්‍රීවරුන් 125 අඩුකිරීමට බල කරමු! නව නායකත්වයට රට බාර කරමු! සජිත්/අනුර/පාඨලි/විමල්/උදය/නාමල් මේ සේරම හොරුන්ගෙත් හොරු!

:       0       0

chathu Tuesday, 05 April 2022 05:13 AM

දුප්පත් මිනිස්සුන්ට ලැබෙන්ඩ ඕනි අදායම් බදු නොගෙවන ප්‍රාඩෝ නෝනත් අකමැතියි.. අලුත් ආණ්ඩුවෙන් වස විස අනුමත කරන බව දැනගෙනත්, වස විස සහිත අහාර තමන්ගේ දරුවට දෙන්ඩ ඕනි කියන අම්මාවරු. දකින එකත් ලේසි නැහැ .

:       0       0

මසිරිපාල Tuesday, 05 April 2022 06:52 AM

එහකොට තවමත් මැන්ඩිස්ලාට ඇහැරිලා නැද්ද අනේ මෙහෙමත් ආත්මාර්ථකාමියෝ.

:       0       0

jayath Tuesday, 05 April 2022 10:32 AM

මේකට සහභාගිවෙලා ඉඉන්න අය දිහා බලන්න මේගොල්ල සමාජේ එක්කෝ ඉහල එහෙමත් නැත්නම් ඉහල මද්යමපන්තිකයෝ ගෑස් සිලින්දරේ රුපියල් 4000 නෙමි හත් අට දාහක් උනත් පෙට්‍රල් ලීටරේ රුපියල් පන්දාහක් උනත් මේ කට්ටියට එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමි ළමයි ලපටි උනත් මේ අමනයගේ රටේ නැතුව ඇති නමුත් මෙයාල ආවේ කෑම දිරවන්න නෙමි අවන්කවම රට ගැන තියන කැක්කුමෙන් සරල උදාහරනේ තමයි සංගගේ බිරිඳත් සනතුත් මේ ගොල්ලන්ට අර කියන ගෑස් පෙට්‍රල් ප්‍රශ්න බලපාන්නෙම නැහැ නෙව නමුත් සහභාගී උනේ පවිත්‍ර චේතනාවෙන් මම ඔවුන්ට සිරස නමා ආචාර කරනවා ජයවේව !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10956 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5405 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7665 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5099 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1284 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36533 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site