(ඩී.ජී. සුගතපාල)
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ පෙනි සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙකු වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.
වලස්මුල්ල ජාතික පාසලේ අංක 5 විභාග ශාලාවේ පෙනී සිටීමට නියමිත වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ පුද්ගලික අයදුම්කරු වෙනුවට වලස්මුල්ල බෝවල පහළ ප්‍රදේශයේ සිසුවෙකු ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිටියදි විභාග ශාලාධිපති විසින් පොලිසියට දැන්වීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා 2020 උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙකු බවද අනාවරණය වී තිබේ.
සැකකාර සිසුවා අද (06) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුළියට සාමාන්‍ය පෙළ ලියා පොලිසියෙන් නවතී
විපරමා Saturday, 06 March 2021 09:08 AM
සමහර නායකයොත් නීති විභාග පාස්කරපු විදිය බලපුවාම සාමාන්‍ය පෙළ ලියන එක මහ කජ්ජක් ද කියලා හිතුණා...
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 March 2021 04:46 PM
කතාව සහතික ඇත්ත. පොලීසිය පනින්නේත්.. මේ වගේ දේවල් වලට විතරයි. රටේ නීතිය හා සම්බන්ධ විභාග හොරෙන් කරපුවා අල්ලනවා තියා ඒ ගැන කතාකරන්නත් බයයි. බලය ඇති අය කරනා වැරදි අල්ලන්නේ නැහැ. ඒත්, පොඩිමිනිහා කරන දේ මහා ඉහළින් අල්ලනවා. " උස් තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ ... නිවටුන් බව ... "
කපුරුහාමි Saturday, 06 March 2021 12:19 PM
ලංකාවේ සිදු වුණු, සිද්ද වෙන දේවල් දිහා බැලුවාම කවර කතාද?
Always breakdown Saturday, 06 March 2021 12:35 PM
ශුවර් එකට 69 ලක්ෂයේ බයියෙක් වෙන්නැති ගමේ පළාත වලස්මුල්ලේනේ...
Demuni Uduwara Saturday, 06 March 2021 03:42 PM
දේශපාලකයින්ගේ පුත්තුන්ටත් නීතිය යෙදවිය යුතුයි.