(ජේ.කේ.එල්. චාමින්ද සහ උඩුගම රවි ලියනගේ)
ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටිමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කේ.එල්.එස් ෂාඩිලා හංසි නැමති ගැබනි මවක් හා එල්. යු දිසානායක (07) නැමති දැරියකි ඇය හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
මෝටර් රථයේ පවුල්කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සදහා මෝටර් රථයේ ගමන්කරමින් සිටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෝටර් රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇතැයි පොලිසිය පවසයි.
දුම්රිය ඉදිරියට ධාවනය වනවාත් සමග මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතරවි දුම්රියේ ගැටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනකු එක් කාන්තාවක හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)
මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශ
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට