IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී  වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි.

සැකකරුවන එල්ල කළ වෙඩි පහරින් බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයකු රෝහල් ගත කර ඇත.

මියගිය සැකකරුවන් දෙදෙනා මාදම්පිටිය සහ පිළියන්දල මඩපාත පදිංචි වයස අවුරුදු 32 - 35 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාකා දූපතේ  උන්ඩ තොගයක් සඟවා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව ඒවා සොයා ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය උදුරාගෙන පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ පොලිසියේ එල්ල කළ ප්‍රතිපාහාරයෙන් සැකකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 



අදහස් (25)

කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

gamini Saturday, 22 February 2025 07:17 AM

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතකයින්ට මාංචු දමන්නේ නැතිද?

:       0       2

රනිල් මහින්ද පේමදාස Saturday, 22 February 2025 07:23 AM

නියමයි නියමයි´.´ඔන්න ඒ්ක තමයි ක්‍රමය. පක්ෂ පාට මොකවත් බලන්න එපා...

:       0       4

ජයනාත් Saturday, 22 February 2025 07:27 AM

කවුරු කොහොම කිව්වත් ආයුධ පෙන්වීමට රැගෙන යාම ඉතාමත් හොඳයි.

:       0       4

කුමාර අනුර Saturday, 22 February 2025 07:45 AM

මහින්දගේ කාලේ ඕවා වෙනකොට අනුර කුමාර කියලා හාදයෙක් සෑහෙන්න උඩපැන්නා "ආයුධ පෙන්නන්න අරන් යනවා කියලා අහිංසක මිනිස්සු මරනවලු". "අපරාධ කාරයෙක් වුණත් නීතීය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ". කියලා. අනේ ඒ අනුර කුමාර අද හිටියා නම්..

:       3       1

ගුණරත්න Saturday, 22 February 2025 07:58 AM

මම ඔය සැක කරුවන් පොලිසියට වෙඩි තිබ්බා කියන කතාව විශ්වාස කරන්නේ නැහැ, මේකත් ඉස්සර කරපු ආයුධ පෙන්වීම වගේ නාට්‍යයක්, ඕකෙන් වෙන්නේ මිණීමැරුම් කරන්න නියෝගය දුන්නු මුල් අපරාධකාරයා ගැලවෙන එකයි..

:       1       1

Rifan Saturday, 22 February 2025 08:39 AM

දැන් තමයි හරි ට්‍රැක් එකට ආවේ. ඔහොම යං. ශ්‍රී ලංකාව පාතාලයෙන් තොර "ක්ලීන්" ශ්‍රී ලංකාවක් කරමු.

:       0       4

යෝගා Saturday, 22 February 2025 08:39 AM

මේවා දේශබන්ධු කරද්දි නරකයි. මාලිමා ආණ්ඩුව යටතේ සැකකරුවන් මරා දැමීම සාධාරණද? මාලිමා කුලී ඩෝබිලා උත්තර දෙන්නකෝ...!

:       4       2

උන් කරනකොට මානව හිමිකම්, අපි කරනකොට ජාතික ආරක්ශාව Saturday, 22 February 2025 08:46 AM

හංගපු අවි ආයුධ පෙන්නන්න එක්කන් ගියා නේද? පරණ පිටපතක්. ඒ වුණාට කෝ මාලිමාවේ හැත්ත ඒ කාලේ කෑ ගහපු මානව හිමිකම්? කරන්න ගියාම නේද තේරෙන්නේ කොහොමද කරන්නේ කියලා. ගෝඨාට කොච්චර නම් මඩ ගැහුවාද? ඔය දැන් ඉන්න පොලිස් ඇමතියාම. ඕවා පාලනය කරන්න ඔහොම ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ නේද?

:       4       11

WelikadaSaturday, 22 February 2025 04:40 PM

හිර ගෙදර ඇතුළට ගිහින් ලිස්ට් එකක් බලාගෙන තෝර තෝරා වෙඩි තිබ්බේ...!

:       1       2

ලුම්බිණි Saturday, 22 February 2025 08:51 AM

ආයුධ පෙන්වීමට ගොස් සැකකරුවන් මරා දැමීමේ පුරුද්ද වහාම නවතා දැමිය යුතු එකක්...!

:       4       1

Yatawara Saturday, 22 February 2025 08:52 AM

මේ වැඩ වලින් පේන්නේ ආන්ඩුවේ කිසිම සැලැස්මක් නැති බවයි. තාම අර ගෑණිව හොයාගෙනත් නෑනේ. කෝ අර කමක් නෑ අපි නම් මාලිමාවට කියපු ඇමති ඩ්‍රයිවර්ගෙ පරම්පරාවේ කට්ටිය...?

:       4       6

Saman Saturday, 22 February 2025 09:22 AM

අර බද්රානිලා, මොණරවිලලා වගේ අය දැන් කොහොමද රෙදි ඇඳගෙන පාරේ යන්නේ...?

:       2       6

වික්‍රම විදුර Saturday, 22 February 2025 09:36 AM

ජනාධිපතිතුමනි, අහවල් එකට අත්සන් කරන්න..

:       0       2

සෙනෙවිරත්න Saturday, 22 February 2025 10:14 AM

පොලිසියේ පරණ කතාවමද නැත්නම් ඇත්තම සිද්ධියද? වෙඩිකාපු රාලහාමි පෙන්නුවා නම් යමක් සිතාගත හැකියි...

:       1       2

චානක Saturday, 22 February 2025 10:37 AM

ආයුධ හොයන්න ගිහින් තියෙන්නේ මාංචු නොදාද? මේවා මාර විහිළුනේ

:       3       3

Mr Don Saturday, 22 February 2025 10:38 AM

හොඳ වැඩක්... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

:       2       4

fairoos Saturday, 22 February 2025 11:09 AM

ඒක හොඳයි.. ක්ෂණික දඬුවම්.

:       2       6

Don perea Saturday, 22 February 2025 12:09 PM

මේක තමයි මොවුන්ට තේරෙන භාෂාව...

:       3       6

Nihal Saturday, 22 February 2025 12:19 PM

පිරිසිදුවට රට තියා ගමු...

:       0       6

Ratne Saturday, 22 February 2025 01:57 PM

මාංචු දාලා ගෙනියන්නේ නැද්ද? මේවාට යන්නේ පොලිසියේ බබාලාද?

:       6       6

බද්රානි Saturday, 22 February 2025 02:17 PM

දැන් ඉතින් මෙතැන "මානව හිමිකම්" ගැන කියමින් වැලලෙන්න හදයිද දන්නේ නැහැ... සමහරක් කුක්කෝ "රාජ්‍ය භීෂණය" කියමිනුත් උඩු බුරයි!

:       8       8

Siri Saturday, 22 February 2025 03:15 PM

පාතාලයට සම්බන්ධ කාත් කවුරුත් ගැන හොයාගන්න තිබුණු සාක්කිත් වලපල්ලට නේද?

:       1       10

බද්රානි Saturday, 22 February 2025 03:23 PM

පොලිසිය මිනීමරුවන්ගේ ශාක්ෂි ටික නියමෙටම යට ගැහුවා නේද..? මේ පුද්ගලයින් දෙදෙනාව මෙහෙයවුයේ කවුරුන්ද කියා පොලිසිය දැනුවත් වුණාද..?

:       2       10

sene Saturday, 22 February 2025 03:59 PM

දැන් කාගේ සාක්ෂිද කවුද යටගැහුවේ? කෑ ගහපල්ලා, කෑගහපල්ලා පෙර ආන්ඩුවලත් මෙහෙම වුණා. අපරාදේ අනුර විපක්ෂයේ නැති එක නැත්නම් උඩ පැනලා වැලපිලා හොටුබේරාගෙන පාතාලයෝ වෙඩිතබා මරපු එක කුජීතයි, බියගුලුයි... ආන්ඩුවේ උවමනාව, ධනපතියන්ගේ රැකුමට එකී මෙකී නොකී දේ අහගන්න තිබුණා.

:       3       7

MD Saturday, 22 February 2025 04:50 PM

මේක වඳුරන්ගේ වැඩක් නෙවෙයි. කාක්කන්ගේ වැඩක්. පව් දුක හිතෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්
2025 පෙබරවාරි මස 22 170 1

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 22 690 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත


මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි
2025 පෙබරවාරි මස 22 185 1

මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 210 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 688 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
2025 පෙබරවාරි මස 22 3091 4

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 130 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 397 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site