IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

( කීර්ති ප්‍රනාන්දු  )

සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා  ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී  හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

පොලිසිය සඳහන් කරන පරිදි මිනුවන්ගොඩ  බොරගොඩ වත්ත  ප්‍රදේශයේ පදිංචි  35 හැවිරිදි  මෙම විවාහක කාන්තාව  ඉකුත් ( 30 ) දා සාදයකට සහභාගී වීම සඳහා  හිස කෙස් සකසා ගැනීමට  මිනුවන්ගොඩ  බස් නැවතුම්පළ ඉදිරිපිට  සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි  රූපලාවන්‍යාගාරයක් වෙත  ගොස් ඇත  .

එහිදී රූපලාවණ්‍යාගාරයේ කටයුතු කරන  ප්‍රධාන කාන්තාව  විසින්  කොණ්ඩය සැකසීම සඳහා රුපියල්  පහළොස්දහසක  කුලිය ලෙස ලබාගෙන ඇත  .

අනතුරුව කොණ්ඩය සැකසීමට  පැමිණි කාන්තාව  කොණ්ඩය සැකසීම සඳහා  හිස ගල්වන ද්‍රව්‍යයන් කීපයක්  ගැල්වීම සිදුකර ඇත  . මෙසේ හිස  ගල්වන ආලේපන යොදා  ටික වෙලාවක් යන විට කාන්තාවගේ  හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවයක් දැනීමට පටන් ගැනීම නිසා  ඇය ඒ බව  හිස කෙස් සකසමින් සිටි  ගැහැණු ළමයින් දෙදෙනාට පවසා ඇත  .

 පසුව එම ගැහැණු ළමයින් දෙදෙනා මෙම කාන්තාවගේ හිස  සෝදා  පිස දැමීම සිදුකළද  ඇතිවූ  අධික දැවිල්ල  හේතුවෙන්  මෙම කාන්තාව  තම හිස අත ගෑමේදී  හිස කෙස්  සම්පූර්ණයෙන්ම ගැලවී අතට  පැමිණ තිබේ . අනතුරුව ඇය රෝහල්ගත කර ඇත.



අදහස් (1)

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

sam Monday, 02 September 2024 10:20 AM

බලන්ඩ පියුම් හංසමාලිගේ බදුද දන්නේ නැ ඔලුවේ ගෑවේ

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

සෞදි ගිය කත වසර 28කට පසු හිස් අතින්ම එයි
2024 සැප්තැම්බර් මස 15 1135 0

1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.


මහ පෑවිල්ලේ තඹලවැව හිස් කරලා:මාළු ලක්ෂ ගණනක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 15 322 0

පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.


බඩෝවිට වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 15 317 0

ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්
2024 සැප්තැම්බර් මස 15 1296 0

මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු


බංගලි ඇඟළුම්හල් යළි අරී
2024 සැප්තැම්බර් මස 15 1001 0

බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම


යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
2024 සැප්තැම්බර් මස 15 1384 0

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 54 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2113 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 975 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site