IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


චීනයේ තවත් කොරෝනා වයිරසයක්

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.

මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්‍රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.

කෙසේ නමුත් වයිරස ව්‍යාප්තියක් ගැන චීන සෞඛ්‍ය අංශ මෙතෙක් කිසිවක් පවසා නැත.

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඩේලිමිරර්



අදහස් (5)

චීනයේ තවත් කොරෝනා වයිරසයක්

sathyapala Saturday, 04 January 2025 01:28 AM

මේ වයිරසය ගැන ප්‍රවුර්ති අන්තර්ජාලයේ හොයලා බලපුවාම ඉන්දියාවේ පුවත් ආයතන පමණයි. මේ ගැන මහා හඩක් නගන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවුර්ති ආයතන කිසිවක් මේ ගැන ලොකු කලබලයක් හෝ හඩ නැගීමක් නෑ. අරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ලවෙනවා කියමින් අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ දමන්නට කවුරුන් හෝ කළා මෙන් චීනයේ ආර්ථිකය කඩා දමන්නට කරන බියගැන්වීමක්ද කියලත් සොයා බලන්න ඕනේ. HMPV කියන වයිරසය අලුත් එකක් නොවෙයි. ඒ ගැන අන්තර්ජාලයේ පෙර සිටම තොරතුරු තිබෙනවා...

:       7       6

බද්රානි Saturday, 04 January 2025 02:31 PM

අපෝ! අපි නම් ඔය වයිරස් වලට බය නැහැ. ඒ කාලේ කොවිඩ් වලට හදපු පැණියක් අපි ළඟ තියනවා. ඒක බිව්වාම ඔය කියන කිසිම වයිරසයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඒ වුණාට කෝකටත් කියලා සෞඛ්‍ය ඇමැතිතුමා ගඟකට මුට්ටියක් දෙකක් අත හැරියා නම් හොඳයි. ඒ විතරක්ද..., දැන්මම ඉඳලා හෝටල් නිරෝධානයට ලැහැස්ති කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගානක් කඩා ගන්න සැලසුම් කලොත්, නරකද? මුදල් අතේ නැති ශ්‍රී ලාංකිකයින්ට මේ රට වහලා එහෙටම වෙලා ඉන්න කියන්නත් පුළුවන්. ඇන්ටිජන් කට්ටලෙන් ගාන අතට එන එක ගැන හීන මවනවා ඇති අර හාදයා...

:       4       9

ජගත් ලියනගේ Saturday, 04 January 2025 02:37 PM

ඖෂධ නිෂ්පාදකයින් පොහොසත් කිරීම සඳහා, මිනිසා විසින්ම නිර්මාණය කරන වෛරස ඕවා...

:       1       7

රුවන් Saturday, 04 January 2025 05:37 PM

දෙරණ දිලිත් ජයවීර නම් දැනටමත් ලැස්තිවෙලා ඇති හොර ගේම්වලට. මතකයිනේ ගියපාර කරපුවා..!

:       2       5

Mohan Saturday, 04 January 2025 06:12 PM

මම අවුරුදු දාසයක් විතර චීනයේ උතුරු ප්‍රදේශය ඉන්නේ. මෙහෙම කියන තත්ත්වයක් නෑ. සාමාන්‍යයෙන් චීනයේ මේ කාලයේදී සෙම රෝගවල කිසියම් වැඩිවීමක් තියෙනවා. මෙය ඉන්දියානු පහත් මාධ්‍ය වලින් ප්‍රකාශ වන කුමන්ත්‍රණයක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරි වලින් කෝටි පහක පොල්ලක්
2025 ජනවාරි මස 05 54 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල අය කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි


පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්
2025 ජනවාරි මස 05 166 0

පොල්තෙල් ආනයනකරුවන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රධාන කැඳවුම


ජනපති අපේක්ෂක තව පහකට එන සතියේ නඩු
2025 ජනවාරි මස 05 152 0

වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි
2025 ජනවාරි මස 05 308 0

දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ


පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට
2025 ජනවාරි මස 05 149 0

බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


’’ අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’
2025 ජනවාරි මස 05 336 0

ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 423 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 206 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site