(සම්පත් ප්‍රියනන්දන සහ සමන් පාලිත නානායක්කාර)
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව නිවාස පරිශ්‍රයේ හා නිවාස අවට මතුපිට ජල වහන පද්ධතිය අවිධිමත් නිවාස හිමියන් වෙනත් අවදානම් කලාප වල නිවාස ඉදිකර ඇති නිවාස හිමියන් ට මෙසේ විමසිල්ලෙන් සිටිය යුතු බවද ඒ මහතා පැවසීය.
නම් කර ඇති නාය යාම් අධි අවධානම් කලාප වල සිටින පිරිස් වර්ෂාව අධික අවස්ථාවලදී පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටිමින් තමන්ට ආසන්න සුරක්ෂිත මධ්‍යස්ථානය හඳුනාගෙන සිටින ලෙසත් හදිසි අවස්ථාවලදී ඉවත්ව යාමට සිදුවුවහොත් දී ඇති උපදෙස් අනුව ආපදා මල්ල සූදානම් කර ගන්නා ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවාස පරිශ්‍ර තුළ නිවාස අවට කානු පද්ධති තුළ බාධක අවහිරතා සොයා බලා ඒවා ඉවත් කරගන්නා ලෙසද නීත්‍යානුකූල ක්‍රම මගින් අවදානම් ගස් ඉවත් කර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
තම නිවාස ආසන්නයේ හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත හෝ පස් කඳු පවතී නම් නිරතුරු අධීක්ෂණයෙන් සිටිය යුතු බවද හානිවීමට ඉඩකඩ ඇති කාමරවල රාත්‍රි කාලයේ නිදා ගැනීමෙන් වළකින ලෙසද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා එම වැසියන්ට දැනුම් දෙයි.
ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද(1) විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අ
අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අ
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්