IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


කොළඹට ආ පාවෙන රෝහල

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ 'පීස් ආර්ක්' හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අතරතුරේය.

'පීස් ආර්ක්' නෞකාව වරායට සේන්දු වූයේ නාවික හමුදාවේ තූර්ය වාදන පිළිගැනීමක් මධ්‍යයේ වීම ද විශේෂත්වයකි. ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් සමන්විත හමුදා රෝහල් නෞකාවක් ලෙස මෙය සැලකිය හැකිය.

නෞකාව නැගෙනහිර චීනයේ ෂෙජියෑන් පළාතේ සවුෂාන් ප්‍රදේශයේ පිහිටි හමුදා වරායකින් පසුගිය ජුනි මාසයේ 16 වැනිදා සිය යාත්‍රාව ආරම්භ කර ඇත.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීම තමයි මේ නෞකාවේ ප්‍රධානතම කාර්යය වෙයි. නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද්දක්. නෞකාව වෛද්‍යාධාර ලබා දීමේ සේවයට යොදවා ඇත්තේ 2008 වසරේ සිටය.

මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වන පීස් ආර්ක් නෞකාවේ, 386 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් රාජකාරි කරයි. ඔවුන්ගෙන් 106 දෙනකු වෛද්‍යවරුන්ය. කුඩා බෝට්ටු සහ හෙලිකොප්ටර් යානාවකින් ද නෞකාව සමන්විතය. නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 5 ක් ද ඇත.

සතියක කාලයක් කොළඹ වරායේ රැඳී සිටින නෞකතාව යළි චීනය බලා යනු ඇත්තේ සිංගප්පූරුව හරහාය.

නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන සතියක කාලය තුළ මෙරට ජනතාවට, චීන ආයතනවල සේවය කරන්නන් ඇතුළු චීන ජාතිකයින්ට නොමිලයේ රෝග විනිශ්චය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනු ඇතැයි ද පැවැසෙයි.



අදහස් (1)

කොළඹට ආ පාවෙන රෝහල

ලලිත් Sunday, 22 December 2024 12:38 PM

එතකොට චීන්නුන්ට විතරද මේ නැවෙන් බේත් ගන්න පුළුවන්?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

කැලණි ගඟේ වැලි ජාවාරමක්
2024 දෙසැම්බර් මස 22 57 0

විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටිය


ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි
2024 දෙසැම්බර් මස 22 66 0

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දි


ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්
2024 දෙසැම්බර් මස 22 174 0

ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම


නිධන් සෙව් කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු
2024 දෙසැම්බර් මස 22 130 0

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා


බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට
2024 දෙසැම්බර් මස 22 393 0

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතු


ඇලක බැස සිටි කාන්තාවක් කිඹුලකු ඩැහැගෙන ගිහින්
2024 දෙසැම්බර් මස 22 418 0

වවුනියාව, පාවක්කුලම අ‍ැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අ‍ැතැයි උළුක්කුලම පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 44 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 32 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site