IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම දුම්වැටි තොගය  ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබූ බවත් අරුක්ගොඩ මහතා කීය.

කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා  ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම් රුපියල් මිලියන 378 ක් හෙවත් රුපියල් කෝටි 38කට  අධික තීරු බදු මුදුලක් රේගුවට අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම දුම්වැටි ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් වාප්පු ලිපිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අදායාම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ තිලක් සුරවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ තිස්ස දහනායක,  නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරු වන උපුල් ගෝනවල, සඳගෝපන්, රේගු අධිකාරි අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, අනුෂ්කා කුරේ, රඛිත ආරියසේන යන මහත්ම මහත්මීහු මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුරට පරික්‍ෂණ පවත්වති. 



අදහස් (0)

කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
2025 අප්‍රේල් මස 11 78 0

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන


රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා
2025 අප්‍රේල් මස 11 153 0

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 243 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 74 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 557 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 1268 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 18 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 637 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site