IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


කෝටි නවයකට මිලදිගත් යන්ත්‍රයෙන් වැඩක් අරගෙන නැහැ

 (ජේ.කේ.එල්. චාමින්ද)

පොල්ගොල්ල, සත්ත්ව විෂාණු  රසායනාගාරය සදහා  රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට  මිලදි ගනු ලැබු  ස්වයංක්‍රිය   ජෛව ප්‍රතිකාරක යන්ත්‍රය  භාවිතයට නොගෙන  නිෂ්කාර්යව පවතින බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

 මෙම යන්ත්‍රය 2022 වර්ෂයේ අගෝස්තු 15 වැනිදින   මිලදි ගෙන විෂාණු  රසායනාගාරයේ සවිකොට තිබුණි. මෙම යන්ත්‍රය 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් භාවිතයට ගෙන  නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 අවශ්‍යතාවය මත  මිලදි ගැනිම් සිදුකොට  යන්ත්‍රයට භාවිතයට ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  ආරම්භකර ඇති අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත  මෙම මිලදි ගැනිම සිදුකර ඇති බවය.

 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන්  2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.



අදහස් (1)

කෝටි නවයකට මිලදිගත් යන්ත්‍රයෙන් වැඩක් අරගෙන නැහැ

wedage Thursday, 27 February 2025 01:04 PM

මෙම යන්ත්‍රය මිලදී ගැනීමට යෝජනා කරපු අයගෙන් මේ පිළිබඳව උත්තරයක් දිය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පද්මෙගේ බිරියගේ ගේ වීඩියෝ කළ දෙදෙනා රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 27 131 0

කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැය


උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප
2025 පෙබරවාරි මස 27 272 1

අධිකරණ නියෝගයකින් අනුරාධපුර ’යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ’අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත්


ජපන් වාහන පළමු තොගය හම්බන්තොටට
2025 පෙබරවාරි මස 27 569 2

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.


පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න
2025 පෙබරවාරි මස 27 245 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේ


හාලිඇල පාරක් නාය යයි
2025 පෙබරවාරි මස 27 341 0

පවතින වර්ෂාව සමග ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය වත්ත 2 කොටස දක්වා යන මාර්ගයේ කොටසක් අද (27) නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ඊජිප්තු තානාපති ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 27 149 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 27 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 328 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 473 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site