(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද (4) පෙරවරුවේ පැවැති සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා එසේ පැවසීය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන් එම සාකච්ඡාවේදී වට්ටම් සමුදල සම්බන්ධ නව සූත්‍රය පිළිනොගත් බව කී එම නිලධාරියා එය පිළිගත්තේ නම් තවත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.
සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් එම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී.යට ද කැඳවා ඇති බවත් එවැනි තත්වයක් තුළ ප්‍රාකාශකයන් කිරීම සම්බන්ධයෙන් දැඩි බියක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’
ජිල්බු Tuesday, 04 March 2025 04:27 PM
දැඩි බියක් ලු, උසස් ලු, නිලධාරියෙක්ලු, ප්‍රකාශයක් දෙන්න බෑලු, ඒත් ප්‍රකාශයක් දුන්නලු
රම්බොඩ Tuesday, 04 March 2025 05:02 PM
කාලයක් තිස්සේ කිසිම රජයකට කිසිම නිවැරැදි තීරණයක් ගන්නට නොදී රටම අකර්මණ්‍ය කරණ කණ්ඩායම් කිහිපයක් ඇත. මේ එයින් එක කණ්ඩායමකි. ඉස්සර නම් මේ කණ්ඩායම් පිටුපස මාලිමාව සිටින්නට ඇත. මොකද මාලිමාවේ එක් කාර්යක් වූවේ ඕනෑම රජයක් අපහසුතාවයට පත් කිරීමයි. දැන් ඔවුන් බලයේය. රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවා යි පතමු.
හසක Tuesday, 04 March 2025 05:16 PM
ඒකනම් ඇත්ත, රම්බෝ... ඉස්සර තීරණ සාමාන්‍යයෙන් ජනතා විරෝධියි. දැන් මේ තීරණය විතරක් ගත්තත් ඒක පොදුවේ රටට වාසියි. ඒ කියන්නේ ජනතා හිතෛෂී. සමහර අයගේ දෑස්වල බැඳී ඇති තිමිර පටල ඉවත්වී සැබෑව පෙනී රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවායි පතමු...
බකල ජයා දි ඇක්ෂන් ස්ටාර්Tuesday, 04 March 2025 06:45 PM
රම්බෝ... සිල්වෙස්තර සැලෝන්ගේ රම්බෝද?
ලක්විදුTuesday, 04 March 2025 05:38 PM
රම්බොඩ, කමෙන්ට් එකක් දාන්න කලින් හොදින් හිතා බලන්න. ඇත්තටම මෙම පුවත්පතේ පාඨකයන් වශයෙන් අපට ප්‍රබුද්ධ විචාරයක් තිබිය යුතුයි. මෙම ගැටළුව ඇතිකරන ෂෙඩ් අයිතිකරුවන්ගෙන් බහුතරයක් පසුගිය ආණ්ඩුවල දූශිත දේශපාලුවන් බව මුලු රටම දනිද්දී, ඔබ පවසන පරිදි ඒ කාලවල ඔවුන් පිටුපස මාලිමාව සිටියා යැයි ඔබ පවසන්නේ කුමන පදනමක් මතද? මෙවන් අමනෝඥ ප්‍රකාශ කිරීමෙන් හෑල්ලුවට පත්වන්නේ ඔබමයි...
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 05:48 PM
කට්ටිය එක්ක එකතුවෙලා බිලියන තිස් හතක් හවුලේ මංකොල්ල කෑවා කියන විට රම්බොඩලා මීක් ගෑවේ නැහැ. දැන් ඒක නවත්වන්න වැඩ කරන විට කෙඳිරි ගානවා. ඒ නිසා කට රම්බොඩගේ වුණාට හඬ පරණ පුරුදු හොරුන්ගේ බව පෙනෙනවා..!
Hasantha Tuesday, 04 March 2025 05:08 PM
කෝර්ට් ඕඩර් එකක් ඕක...!
මැක්ස් Tuesday, 04 March 2025 05:08 PM
බොරු කීම ප්‍රගුණ කර ඇති. ජයතිස්ස ඇතුළු මාලිමා නඩේ කියන දේ පිළිගන්නවාද? බවුසර් නඩේ කියන දේ පිළිගන්නවාදැයි හුදී ජනයින් වන අපට ප්‍රහේලිකාවකි.
ddsTuesday, 04 March 2025 05:19 PM
මේ අයට සාමාන්‍යයෙන් අධිකරණ තීරණ පිලිගැනීමත් ප්‍රහේලිකාවක් වගේ...
ප්‍රියන්තTuesday, 04 March 2025 05:31 PM
අයියෝ මැක්ස්, ඔච්චර කරදර වෙන්න එපා, ඔයාලා අර චාමරයා ඇතුළු විපක්ෂ නඩය කියන දේ විතරක් පිළිගන්න..
Akila Tuesday, 04 March 2025 05:22 PM
රම්බොඩ, මේ තෙල් බෙදුම් කරුවෝ කියන්නේ සජබේ, UNP පොහොට්ටු හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රීලාගේ පවුල් වල කට්ටිය..
Manoj Tuesday, 04 March 2025 05:30 PM
ඔය බිය දිගටම තියාගන්න. මේක වැදගත් සේවාවක්... රටේ පොදු ප්‍රවාහනය අඩපණ කරන්න හදනවා නම්, දැඩි තීන්දු ගත යුතුයි.
Rata Perata Wednesday, 05 March 2025 01:07 PM
මේ වගේ කාලකණ්ණි හැම කාලෙකම හිටියා. දැඩි තීරණ ගන්න. GMOA එකත් මේ වගේ සංවිධානයක් තමයි. රුපියලක් අඩුවුණොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජන. මේ අයට ගහලා එළවන්න ඕනෑ.