IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 5,700 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස පහේදී රුපියල් කෝටි පන් දහස් හත් සියයක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උදය ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.

මේ ආයතනය පාඩු ලබන ප්‍රධානම හේතුව හේතු කීපයක් තිබෙනවා. අපි ඩීසල් වික්කෙ රුපියල් දාහතරක් පාඩුවට.වැඩි මිලට අරගෙන අඩු මිලට දෙන නිසයි පාඩු ලබන්නේ. ඉඳලා මිල වැඩි කළාට පසුව අඩුම ඉන්ධන මිල ඇති රටක් ලෙස අපි දෙවැනි වන්නේ පාකිස්තානයට පමණයි.ලෝකයම ගත්තත් අපි අඩුම ඉන්ධන මිලක් තියෙන රටක්.

අපේ අය ඩොලර් වලින් ණය ගත්තා.ඩොලරයේ මිල වැඩි වෙද්දී අපි ගෙවන්න ඕන පොලිය වැඩිවෙනවා.රුපියල පිරිහීමේ අගය අපිට ගළපන්න සිද්ධ වෙනවා. රුපියල් බිලියන 80ක් පමණ  රුපියල පිරිහීම නිසා අපිට පාඩු වුණා . සොරකම් ගැන තොරතුරු නිශ්චිත  තිබේ නම් තිබේනම් මට දන දැනුම් දෙන්න .ඒ අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන්  අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 2.2 ක භාණ්ඩගාර බැඳුම්කර   ලබා දී තිබෙනවා.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා  නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරනු ලැබ තිබෙනවා. 

 



අදහස් (8)

ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 5,700 ක පාඩුවක්

eresh S kumara Friday, 09 July 2021 02:52 PM

අපි නම් ණයට පෙට්‍රල් ගැහුවේ නැහැ...

:       1       54

Nandalal DE SILVA - France Friday, 09 July 2021 02:54 PM

මෙයත් වැඩ බැරි සර් කෙනෙක් බව නිතරම පෙන්වනවා.!!! කයිය ගහලා වැඩක් නැහැ. ළඟදි දොට්ට බහින්න ඉන්න කෙනෙක් මෙවැනි දේවල් කියන එක ස්වභාවිකයි. අනිත් අයට බැනලා වැඩක් නැහැ. තමන්ගේ වැඩටික හරියට කරගෙන ලාභ උපද්දවන්න බැරි නම්..!!!

:       2       48

Kule Friday, 09 July 2021 03:24 PM

වගකිව යුත්තේ 1965 සිට අද දක්වා රට පාලනය කළ දේශපාලකයිනුයි.

:       1       33

සෙනෙවිරත්න Friday, 09 July 2021 03:50 PM

මගෙත් ඇති ගාණක් ගෙවන්න.. ණයට ගහපු තෙල් වලට, ඒක ගෙව්වම හරියයි. ⁣මුන්නැහේ කලින් විපක්ෂයේ ඉන්දැද්දී කතා කලේ කොහෙන්ද?

:       0       4

Nuwan Friday, 09 July 2021 03:57 PM

මාර කතාවක්නේ... අපි ණයට තෙල් ගැහුවේ නෑනේ..!!!

:       0       4

Sanka Friday, 09 July 2021 04:02 PM

ලෝකයේ පැට්‍රල් විකුණලා පාඩුවෙච්ච එකම කම්පැණි එක වෙන්න ඇති. අනිත් පැට්‍රෝලියම් කම්පැනි ලාබ ලබනවා.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 July 2021 04:49 PM

මේ සිදුවී ඇතැයි කියනා පාඩු පරිපාලනයේ වරදින් සිදුවූ දේවල් බව තමයි පෙනීයන්නේ... ජනතාවට නිකං තෙල්, පෙට්‍රල් දෙන්නේ නැහැ. එවෙලේම සල්ලි ගන්නවා. මේ අයට හරිහැටි කටයුතු කරගැනීමට බැරි වුණාම ඒක නොකියා කියන්නේ වෙන වෙන දේවල්...

:       0       23

ganegoda Friday, 09 July 2021 05:56 PM

ඉස්සෙල්ලාම මේ මුදල් ගැන බොරු ප්‍රචාරයක් පතුරවනවා. ඊටපස්සේ ඒ මුදල් තම තමන්ගේම ගිණුමට තැන්පත් කරගන්නවා. මරු උපාය..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 272 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 132 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 201 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 767 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1026 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1250 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site