IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගී විනිස කෘතියක් ලෙස ඔබ අතට

ශෂි ප්‍රභාත් රණසිංහ ලංකාදීප වෙබ් අඩවියට ලියූ සුභාවිත ගීත විචාර ලිපි එක්තැන් කළ "ගී විනිස" ග්‍රන්ථය එළි දැක තිබේ.

ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ලිපි අතුරින් තෝරා ගත් විචාර ලිපි 46 ක් එහි ඇතුළත් ය. සුභාවිත ගීතයේ රසමුසු තැන් සොයමින් රසික මනසේ චමත්කාරය ජනනය කිරීමට ඉවහල් වන ගී පද සහ කවි සංකල්පනාවන්ගේ අපූර්වත්වය සුවිශද කිරීම අරමුණ බව කෘතියට පෙරවදන ලියමින් ශෂි ප්‍රභාත් රණසිංහ සඳහන් කරයි.

නව කතා හතරක්, කාව්‍ය සංග්‍රහ දෙකක් ,විචාර ග්‍රන්ථ අටක්,පරිවර්තන කෘති දෙකක් ,ස්වතන්ත්‍ර ගේය පද රචනා ග්‍රන්ථයක් සහ ළමා සාහිත්‍ය කෘති දහයක් රචනා කර ඇති ශෂි ප්‍රභාත් රණසිංහ සාහිත්‍ය විචාර කලාවේ නව මානයන් සොයන නිර්මාණවේදියෙකි.

අමරසිරි පීරිස් ගයන "ප්‍රේම තටාකේ හංසරාජිනී"සමන් ලෙනින් ගයන "බේරේ වැවට හඳ වැටිලා" ජගත් වික්‍රමසිංහ ගයන" සඳ කත්මිණ" ශෂීගේ ගීත නිර්මාණ අතුරින් කිහිපයකි. ශෂි ප්‍රභාත් රණසිංහගේ "ගී විනිස -සුභාවිත ගී පෙදෙහි රසහව්" ග්‍රන්ථය ගොඩගේ ප්‍රකාශනයකි.



අදහස් (1)

ගී විනිස කෘතියක් ලෙස ඔබ අතට

ලිලිපුට්ටා Wednesday, 11 October 2023 07:40 PM

අටුවා ටීකා ටිප්පණි ........කුමට? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයි! උත්කෘශ්ටයි! අතිඅනර්ඝයි! සකිය, සරසවි වරමින් නැණ පහන් ආලෝකය දසත උතුර උතුරා වාන් දමන්නට මේ ඔබේ කාල පරාසයයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1603 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 517 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site