ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත.
‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන සක්මනක් ලෙස හැඳින්වෙයි.) අලුයම යළි පෘථිවිය බලා පැමිණියහ.
වාණිජ ගගන සංචාරයකින්, අභ්‍යවකාශයට ගිය ගගන සංචාරකයන් සිවු දෙනකු ගගන සක්මනක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලයේ නැගී මෙම සංචාරයට එක් වූයේ පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකි.
බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන්, ගුවන් හමුදා නියමුවකු ද වන ස්කොට් පොටේට සහ ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවරියන් දෙදෙනකු වන ඇනා මෙනොන් සහ සේරා ගිල්ස් යනු ඔවුන් සිවුදෙනාය. 41 හැවිරිදි ජැරඩ් අයිසෙක්මන් මීට පෙර ද ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගොස් ඇත. කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, මෙම සංචාර වෙනුවෙන් බර පැන දැරූ බව ද පැවැසෙයි. අභ්‍යවකාශයට යෑමෙන් පසු කෲ ඩ්‍රැගන් කැප්සියුලයෙන් පළමුවෙන් පිටතට ආවේ ද අයිසෙක්මන්ය.
ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අභ්‍යවකාශය බලා ගියේ ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ අධිබලැති රොකට්ටුවේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේය. නාසා ගගනගාමීන් පෘථිවි කක්ෂයේ පහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑමටත් ආපසු ගෙන ඒමටත් ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල භාවිතයට ගැනෙයි.
ගගන සක්මන් අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැල්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ සෙල්සියස් අංශක 1,900 ක උෂ්ණත්වයක් යටතේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාල කිරීමෙන් පසුවය.
මෙම මෙහෙයුමට ආදාල සියලු වැදගත් සිදුවීම් සජීවී ලෙස ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජලයේ හිමිකරු වන්නේ ද ඉලොන් මස්ක්ය. ඒ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය් සහ ගගනගාමීන්ගේ ගගන ඇඳුම් කට්ටලට සවි කර ඇති කැමරා ආධාරයෙන් දසුන් ලබා ගනිමිනි.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක
මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි
ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ගගන සංචාරකයෝ ආපසු එති