IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගගන සංචාරකයෝ ආපසු එති

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 

‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත.

‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන සක්මනක් ලෙස හැඳින්වෙයි.) අලුයම යළි පෘථිවිය බලා පැමිණියහ.

වාණිජ ගගන සංචාරයකින්, අභ්‍යවකාශයට ගිය ගගන සංචාරකයන්  සිවු දෙනකු ගගන සක්මනක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලයේ නැගී මෙම සංචාරයට එක් වූයේ පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකි. 

බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන්, ගුවන් හමුදා නියමුවකු ද වන ස්කොට් පොටේට සහ ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවරියන් දෙදෙනකු වන ඇනා මෙනොන් සහ සේරා ගිල්ස් යනු ඔවුන් සිවුදෙනාය. 41 හැවිරිදි ජැරඩ් අයිසෙක්මන් මීට පෙර ද ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගොස් ඇත. කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, මෙම සංචාර වෙනුවෙන් බර පැන දැරූ බව ද පැවැසෙයි. අභ්‍යවකාශයට යෑමෙන් පසු කෲ ඩ්‍රැගන් කැප්සියුලයෙන් පළමුවෙන් පිටතට ආවේ ද අයිසෙක්මන්ය.

ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අභ්‍යවකාශය බලා ගියේ ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ අධිබලැති රොකට්ටුවේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේය. නාසා ගගනගාමීන් පෘථිවි කක්ෂයේ පහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑමටත් ආපසු ගෙන ඒමටත් ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල භාවිතයට ගැනෙයි.

ගගන සක්මන් අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැල්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ සෙල්සියස් අංශක 1,900 ක උෂ්ණත්වයක් යටතේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාල කිරීමෙන් පසුවය.

මෙම මෙහෙයුමට ආදාල සියලු වැදගත් සිදුවීම් සජීවී ලෙස ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජලයේ හිමිකරු වන්නේ ද ඉලොන් මස්ක්ය. ඒ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය් සහ ගගනගාමීන්ගේ ගගන ඇඳුම් කට්ටලට සවි කර ඇති කැමරා ආධාරයෙන් දසුන් ලබා ගනිමිනි.



අදහස් (0)

ගගන සංචාරකයෝ ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 339 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 288 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 107 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 306 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 560 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 239 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 503 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site