IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගංගාරාම ඥානිස්සර හිමිගේ අභාවය රටට විශාල පාඩුවක්

(නිමල කොඩිතුවක්කු)

හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අභාවය රටට  දැරිය නොහැකි විශාල පාඩුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට ලක්වන බවත් උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්‍රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගේ වැඩසිටි ගංගාරාම විහාරයට අද (2) පස්වරුවේ ගිය අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

කිසිදු අවස්ථාවක කුමන කාර්යකදීවත් අලස නොවී ඉතා දක්ෂ ලෙස උන්වහන්සේ කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

නිශ්චිත ඉලක්කයක් නිර්මාණය කර එම ඉලක්කය සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කර ගන්නට නියමිත කාලවකවානු සහිත ව එම ඉලක්කය කරා යන්නට උන්වහන්සේ සෑමදාම කටයුතු කළ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම රට බංකොලොත් වී ඇති මොහොතක උන්වහන්සේගේ චරිතය, දර්ශනය හා වැඩපිළිවෙළ රටට ආදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අපවත් වීම පිළිබඳ සාතිශය සංවේගය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. 



අදහස් (0)

ගංගාරාම ඥානිස්සර හිමිගේ අභාවය රටට විශාල පාඩුවක්

ඔබේ අදහස් එවන්න

දියත

නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 29 108 0

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ


ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන
2024 නොවැම්බර් මස 29 44 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන


ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 359 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 325 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 154 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 532 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site