(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ගෝඨා" යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැද්දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) ප්‍රශ්න කළේය.
විශ්වවිද්‍යාල නැවත විවෘත නොකරන්නේ අරගලයේ යෙදෙන කණ්ඩායම් පෝෂණය වෙන නිසා බවට සමාජයේ කතාවක් යන බව කී මන්ත්‍රීවරයා අරගල කරන අයගේ මූලික තේමාව "ගෝඨා ගෝ හෝම්" යන්න බවත් ගෝඨා යන තුරු යන්නේ නැතැයි අරගලකරුවන් පවසන බවත් පැවසීය.
තමාට ඉතිරි වී ඇති අවුරුදු දෙකහමාර පිරෙන තුරු යන්නේ නැතැයි ජනාධිපති තුමා කියන අතර ඒ අනුව අවුරුදු දෙක හමාරක් යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැතුව ඉන්නට කල්පනා කරනවා දැයි තුෂාර ඉදුනිල් මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ දැනටමත් විශ්වවිද්‍ය විවෘත කොට ඔන්ලයින් දේශන පැවැත්වෙන බවයි.විශ්වවිද්‍යාල සිසුන් යනු අසාධාරණයට විරුද්ධව කටයුතු කරන පිරිසක් බව කී අමාත්‍යවරයා ඒ තරුණ ජවයට කිසිදු බාධාවක් නැතැයි ද අධ්‍යනය කටයුතු කරන ගමන් තරැණයන්ට ඒ කටයුතු වල යෙදෙන්නට ද හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
ජනාධිපතිතුමා යනවාද නැද්ද කියන ප්‍රශ්නයට තමාට උත්තර කියන්නට බැරි බව ද ඒ ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ ජනාධිපතිතුමා බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ගෝඨා’’ යනතුරු සරසවි අරින්නේ නැද්ද?
Pitigala Milano Wednesday, 08 June 2022 12:34 PM
ගෝඨා ගෝ හෝම් 2022...
sharm warn Wednesday, 08 June 2022 12:39 PM
ඔබහරි, මේ මනුස්සයා යනකල් විශ්ව විද්‍යාල අරින්නේ නැතිවෙයි. අඩුගානේ අර පාරවල් වහන්න බට දාලා කූඩු හදපු එකෙන් මොලෙ කොහේද කියලා හිතාගන්න පුළුවන්නේ. යුද්ධය දිනන්න මෙයාගේ උපක්‍රම යොදා ගත්තා නම් අද ප්‍රභාකරන් තමයි රටේ ජනාධිපති වෙලා ඉන්න වෙන්නේ.
Makola Mangala himi Wednesday, 08 June 2022 02:04 PM
මේ අය කොහේද ඉන්නේ? සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු කරනවනේ, රුහුණු සරසවියේ.. සියලුම පිඨවලට අධ්‍යයන කටයුතු කෙරෙනවනේ..