IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (25) එළිදැක්විණි.

‘ඔබට රටක්, රටට හෙටක්, ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලෙස එය නම් කර තිබිණි. 

නෙළුම්  පොකුණ රඟහලේදී පැවැති මෙම අවස්ථාව සඳහා   විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (40)

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

නිමල් ඩයස් Friday, 25 October 2019 11:54 AM

පාදෙනියත් එතන ඉන්නවා. තව අටුවා, ටීකා කියන්න අවශ්‍ය නෑනේ...

:       50       1050

විනිවිද Friday, 25 October 2019 01:53 PM

පාදෙණිය පමණක් නොවේ, රාජපක්ෂලා දූෂකයන් යැයි කියමින් ජාතික ආණ්ඩුවට එක්වූ පිරිසක් යලිත් රාජපක්ෂලා සමග එකව සිටියි. දේශපාලනයේදී වාසියට හතුරන් සහ මිතුරන් නොමැතිබව ලංකාවේ දේශපාලන ජවනිකා වලින් හොඳින්ම පෙනෙන්නට තිබේ. එපමණක් නොව ඔවුන්ගේ වාසියට එය අකුරටම ක්‍රියාත්මක වේ. ලංකාවේ ඡන්ද දායක මේ ගැනත් අවධානය යොමුකළ යුතුය. මේ අවස්ථාවාදී දූෂිත දේශපාලනයට තිතක් තැබිය හැක්කේ ඔබට පමණි. මැතිවරණයෙන් පසුව බනිනවට වඩා මැතිවරණයේදී මොවුන් ගෙදර යැවීමට කතිරය පාවිච්චි කරන්න. ඔබේ කතිරයේ බලයක් ඇතිබව පෙන්වන්නට අවස්ථාවක් පැමිණ ඇත. එයින් ප්‍රයෝජන ගෙන රටට සහ ඔබේ දරුවන්ගේ අනාගතය ගැන සිතා පැහැර ගැනීම් නොමැති ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකර ගන්න අවස්ථාව පැමිණ ඇත. හදවත නොව මනසට අවස්ථාවක් දෙන්න.

:       16       2141

LilianSaturday, 26 October 2019 12:46 AM

ව්‍යවස්ථාව වෙනස් නොකර කවුරු ආවත් හොරකමට ඉඩ ලැබෙනවා. හොරු නීතියෙන්, නඩු වලින් ගැලවෙනවා. ඒවා බලබල හූල්ල හූල්ලා ඉන්න අවශ්‍ය නම් ඔය පච කාරයින්ට නැවතත් ඔබේ වටිනා ඡන්දය දෙන්න. නියම වෙනසක් අවශ්‍ය නම් නාගානන්දගේ කණ්ඩායම දිනවන්න.

:       0       162

පුරවැසියා Saturday, 26 October 2019 12:49 AM

විනිවිදගේ කතාව සත්‍යයකි. බුද්ධිමත්, උගත් ජනතාව මෙවර බලාසිටින්නේ අවස්ථාවාදී, බලලෝභී දේශපාලකයින් ගෙදර යැවීමේ අදිටනින්ය. එය කළයුතුමය. ලංකා දේශපාලනය හොඳින් විශ්ලේෂණය කිරීමේදී තවත් භයානක යමක් පිළිබඳව මුස්ලිම් සහ දෙමල ජනතාවගේ අවධානය යොමුකිරීමට වටී. පොහොට්ටුවේ අපේක්ෂකයා සමග සිටින ජාතිවාදී දේශපාලකයන් පමණක් නොව දේශපාලන වේදිකාවල අදහස් ප්‍රකාශ කරන්නේ දෙමල සහ මුස්ලිම් ජනතාවට අපහාස කරමින් පමණක් නොව ඔවුන්ගේ සහාය නොමැතිව ජනාධිපතිවරණය දිනන බවය. ඉන්පසු පොහොට්ටු අපේක්ෂකයා පවසා සිටින්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද ඔහුට ලබාදෙන ලෙසය. කෙසේ හෝ දෙමළ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද නොමැතිව පොහොට්ටුවේ අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් සුලුජාතීන්ට දෙවියන්ගේම පිහිටයි. අන්තවාදී දේශපාලකයින් සහ පොහොට්ටුවේ අපේක්ෂකයාගෙන් සුලුජාතීන්ට සිදුවන්නේ කුමක්ද කියා මුස්ලිම් සහ දෙමළ ජනතාව හොඳින් වටහාගෙන ඔවුන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව ප්‍රකාශ කරන්න. ප්‍රජතන්ත්‍රවාදය සහ නීතියේ අාධිපත්‍යය ගරුකරන පුද්ගලයකු ජනාධිපති වශයෙන් පත්කර ගන්න. නොඑසේනම් අධිකරණය, මුදල්, පොලිසිය, විදේශ මෙන්ම අන් සියලු වගකිවයුතු රජයේ ආයතන එකම පවුලකින් පාලනය කරනු ඇත.

:       19       530

MaheeSaturday, 26 October 2019 01:56 AM

ඔන්න ඔය පරම සත්‍යය අපේ ජනතාව සැබෑවටම වටහා ගත් දාට රට ගොඩ එයි. හැබැයි, මේ ඉන්න මානසික වහල්ලුත් එක්ක ඒ කාර්යය ඉටුවෙන්න තව අවුරුදු 100 ක් වත් ගතවෙයි. ඒ හින්ද මේ ලැබුණු අනගි අවස්ථාවත් ගිලිහී යන බවට කිසිම සැකයක් නැහැ.

:       0       102

V.warnakulasuriyaSaturday, 26 October 2019 06:35 PM

ශ්‍රි ලංකාවේ දේශපාලකයන් යනු ලෝකයේ කොතැනකවත් දකින්නට නැති, ගොදුරට ඉතා දක්ෂ ලෙස පාට වෙනස් කරන කටුස්සන් වර්ගයකි.

:       0       134

ලසන්තFriday, 25 October 2019 04:45 PM

වැඩේ කියන්නේ, ආණ්ඩුව පළාත් සභා ගම්සභා ඔක්කොම තිබිලත් "මහින්ද චින්තනයෙන්" අවුරුදු 10කින් ගොඩදාගන්න බැරි වෙච්චි සෞභාග්‍ය, දැක්මෙන් ගොඩදාන එකනේ...!

:       299       1666

ManamendraFriday, 25 October 2019 09:23 PM

ලංකාවට වාසනාවත කාලයක් උදාවේවා!.... වෙනස හැමෝටම හොඳටම දැනුණා... 2015 ඉඳන්ම රටම කෑවා. කවදත් රාජපක්ෂලා රට රැකපු පිරිසක්... කොටින්ගෙන් බේරාගෙන රට ඉවරකළා.. ජනතාව බෝධි පූජා තියල රාජපක්ෂලා බලයට ගේන්න කටයුතු කරමු. රටට යහපතක්ම වේවා..!!

:       1206       207

NishanSaturday, 26 October 2019 01:14 AM

ඊටත් වඩා සිනහ උපදවන කරුණ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රටක් කියන එකත් නෑ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන එකත් නැහැ. මැදගොඩ අභයතිස්ස, අතුරලියේ රතන හාමුදුරුවෝ ඇතුළුව ඒ වෙනුවෙන් සටන් කරපු ඔක්කොම ඒක සිනාමුසුව පිළිගන්නවා. වැටිලා තියෙන බංකොළොත් තත්වය නේද මේවායෙන් පෙන්නුම් කරන්නේ...?

:       38       529

JanakaSaturday, 26 October 2019 06:30 AM

බන්දු සමරසිංහගේ පොරොන්දු පැකේජ් එකනම් ආවා. ටෙනිසන් කුරේ එන්නේ කවද්ද?

:       1       600

max Friday, 25 October 2019 12:08 PM

ඔන්න ගෝඨා නියම මහත්මයෙක් වගේ බොහොම වැදගත් විදිහට තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූවා. පඳුරු අස්සේ ඉඳන් නානාප්‍රකාර මඩ වරුසාවල් එල්ල කරන්නේ නැතුව ගෝඨා විරුද්ධවාදීන්ට දැන් පුළුවන් මේක ගැන විවේචනය කරන්න. ප්‍රශ්න කරන්න. යුද්දෙට බයේ පැනලා ගියා, සුදු වෑන් එව්වා, මිනී මැරුවා වගේ චොර වෙච්ච බොරු කතා මිනිස්සුන්ට අප්පිරියයි දැන්...

:       2172       1009

Dr. Vajira FernandoFriday, 25 October 2019 06:40 PM

මහාචාර්යවරු දෙසීය දෙනෙකු ප්‍රමුඛ විද්වතුන් පිරිසක් එක්වී සකස් කළ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ මාලාව සමග සසඳා බලන්න. මෙය පොඩි එකාගේ ලියුම වගේ කියලා හිතේවි...

:       605       2587

විකල්ප චින්තන Friday, 25 October 2019 07:12 PM

ලංකා මැතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මෙවර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත්කර ඇති ආකාරයේ සවිස්තරාත්මක යතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. කණගාටුවට කරුණ නම් කිසිම මාධ්‍යයක් විසින් ඒ විශිෂ්ඨ කාර්ය ජනතාව අතරට ගෙනයාමට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීමයි. අනුර කුමාර මහතාට ඒ සියලු නොසැලකීම් මැද ජයග්‍රහණය කරා යාමට ශක්තිය පතමු.

:       489       1523

V.warnakulasuriyaSaturday, 26 October 2019 06:11 PM

අපේ රටේ බහුතරය පොඩි එවුන් නිසා ඒ අයට ගැලපෙන එකක් තමයි එළිදක්වා ඇත්තේ. අයියන්ඩිත් එක්කම ඇවිත් ඉන්නේ තාම පොඩිඑකාම නිසා වෙන්නට පුළුවනි.

:       0       247

sirimal Friday, 25 October 2019 12:49 PM

කිසිම ප්‍රතිපත්තියක් පිළිපදින්නේ නැති කට්ටියත් සභාවේ අසුන් ගෙන ඉන්නවනේ. අපි දැක්කා වියත්මග ප්‍රධානියෙකු වන මහාචාර්ය නලින් සිල්වා මැතිතුමා කියනවා ගෝඨාභය ජයගත්තාට පසුව මහින්ද ගාවා ගන්නේ නැතුව වැඩ කරන්නට කැමති කරවා ගන්නට එම කණ්ඩායම සියලුම උත්සාහයන් ගන්නවා කියලා. එ්කනම් කෙරෙන වැඩක් නෙවේ මහත්තයෝ. මහින්දගේ නම නැත්නම් ඔය කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

:       3       463

විජිත් Friday, 25 October 2019 01:01 PM

අපට තිබුණු රට චීනාට දුන්නේ කව්ද..? කොළඹ ගෝල්ෆේස් එකේ තිබුණු හමුදා මූලස්ථානය පොළවට සමතලා කරලා ශැන්ග්‍රිල්ලා හෝටලය හදන්න චීනාට සින්නක්කරව විකුණුවේ කව්ද..? ඒ සල්ලිවලට මොනවද කලේ? ආයෙත් ඇවිල්ලා ඉතිරි ටිකත් කන්නද හදන්නේ..? බණ්ඩාරවෙල උමා ඔය ව්‍යාපෘතිය හදලා අගේට තිබුණු ජල උල්පත් නැති කලේ කාගේ වුවමනාවටද...? ණය කළමනාකරණය සාර්ථකව නොකළොත් ට්‍රිලියන 12.5ක් වන දැනට තියෙන ණය ප්‍රමාණය තව අවුරුදු 5න් ට්‍රිලියන 20 පසුකරනවා. ඔබ කොහොමද මේ ණය ප්‍රමාණය ගෙවා දමන්නේ...? රටේ දුප්පත් අහිංසක මිනිසුන් රවට්ටන එක දැන්වත් නවත්වලා මේ වලපයයි, ගොඩපයයි කාලේ යන තැනකටවත් වැඩක් කරගන්නේ නැතිද..? ලජ්ජා නහරය නැති බයියන්ට රැවටෙන මිනිසුන් තවත් ඉන්නවාද බලමු මේ ඡන්දයෙන්...

:       303       1735

sirimalFriday, 25 October 2019 02:12 PM

ඒ කතාවලින් දැන් වැඩක් නැහැ. ඒවා වික්කා කියලා වැඩි පිරිසකට කිසිරුදාවක් නැති බවනේ පෙනෙන්නේ. ප්‍රතිපත්ති මාලාව කියවලා බලන්න. රටේ ඉතුරු සම්පත් ටිකත් විකුණන ආකාරය ලස්සනට ලියලා ඇති. අනිත් සේරම ජඩකම්වලට කිව්වා වගේ එකටත් අන්තිමේට කියයි ඒවා තමයි ජනතාව ඉල්ලන්නේ කියලා...

:       318       994

kamaniFriday, 25 October 2019 03:38 PM

ඔබ හරි විජිත්... එ්ත් රටේ බහුතරයක් මේ නරුම හිවල්ලුන්ට තවමත් කැමතියිනේ... රට නැත්තට නැතිවුණත් ඔවුන්ට කමක් නැහැ. අද ජීවත් වෙන්න, අරක්කු වීදුරු 2කුයි, විලි වසාගන්න රෙදි කෑල්ලකුයි, රුපියල් 500 යි, බත් මුලකුයි දුන්නම ඡන්දෙ දෙන්න ඕනෑතරම් ගෝත්‍රික වහල්ලුන් ඉන්නවා. ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් මේ පාවාදෙන්නේ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයයි කියලා...

:       66       581

nimal Friday, 25 October 2019 01:11 PM

ජය වේවා ! ඔබට ජයෙන් ජයම වේවා! අපි සේරම ඡන්දේ දෙනවා. මිත්‍රවරුනේ ගෝඨා දිනවමු...

:       1573       545

chandiFriday, 25 October 2019 04:41 PM

අනිවා.. ගෝඨා තමයි.. සජිත් කතා කළොත් පරාදයි.

:       640       82

siriFriday, 25 October 2019 05:27 PM

වැස්සට වයර් තෙමිලා ටෙලිෆෝන් වැඩකලේ නැති වෙලාවේ වෙච්චදේ අපි දැක්කා "ගොවිතැන් දියුණු කරලා සංචාරක කර්මාන්තයට උදව් කරනවා" කියලා කියපු හැටි... අනිත් සේරම තමන්ගේ ප්‍රතිපත්ති ගැන මුහුණට මුහුණ තර්ක කරන්න පැමිණියා... එදාට ගෝඨාභයට කැරකිල්ල හැදිලා එන්න බැරිවුණා. සුප්‍රකට කුඩුකාරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ ඇමතිකමක් දීලා හිටපු මෙයාද මේ කුඩු වුවදුරෙන් රට බේරා ගන්නවා කියලා කියන්නේ ...

:       4       495

VajiraFriday, 25 October 2019 07:19 PM

ඒ දෙන්නා හරියට ටෙනිසන් කුරේයි, බන්දු සමරසිංහයි වගේ වෙලානේ.... දෙන්නගේම මොළ වල තරම අපිට පේනවා. දැන්වත් මේ අය පස්සේ නොගිහින් උගත්, බුද්ධිමත් නායකයෙක් තෝරා ගනිමු. විකල්පයක් දිනවන්න කාලේ ඇවිත්...

:       2       1154

රජින්ද Friday, 25 October 2019 02:17 PM

ගෝඨාගේ වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිළියි. ඉන් කියැවෙන වැදගත්ම මෙන්ම කිරීමට පහසු කරුණු කිහිපය තමයි. 1. බෙදුම්වාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් නොවන බුදුදහම මූලිකව පිළිගත් ඒකීය රටක්... 2. අධ්‍යාපනයට මූලිකත්වය දෙමින් තරුණ ජවය බල ගැන්වීම. 3. පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් රටේ බුද්ධිමතුන්ට රාජ්‍ය පාලන තන්ත්‍රයට ඇතුළත් විය හැකි ක්‍රමවේදයක් වැදගත් වේ. මේ වනවිටත් අනුර කුමාර විසින් උතුරු-නැගෙනහිර පැහැදිලිවම බලය බෙදන බවට ප්‍රකාශ කිරීමත්, සජිත්ගේ වේදිකාවේ බදියුදීන් සහ හකීම් වැනි අන්තවාදීන් ඔවුන්ගේ ජනතාවගේ සිහින කුමරු සජිත් බව ප්‍රකාශ කිරීමත් යන මේ හේතු නිසා බුද්ධිමත් සිංහල ප්‍රජාව ජනාධිපතිවරණයෙන් ගෝඨා දිනවිය යුතු අතරම, නමුත් ජනතාවගේ සහාය ලබාදී මහමැතිවරණයෙන් 2/3ක් ලබා දෙන්නේ නම් සුළු ජාතික කොටස් වලට කොන්ද නමාගෙන ඔවුන්ගේ ඉල්ලීම් වලට රට පාවා නොදෙන්නට ගෝඨාට එය ශක්තියක් වනු ඇත.

:       2720       1879

NishanSaturday, 26 October 2019 01:49 AM

ඒ වුණාට එකීය රටක් සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හලලා තියෙන්නේ වර්ධරාජා පෙරුමාල්වයි කරුණා අම්මාන්වයි සතුටු කරන්න වෙන්න ඇති.

:       5       309

අපි වෙනුවෙන් අපිSaturday, 26 October 2019 09:37 PM

ඔය කියන තාලේ බුද්ධිය තියන එකෙක් මෙයාගේ කෙරුවාව තෙරුන් ගන්නේ බොන්න වතුර ටික ඉල්ලලා ගල් කැටයක්වත් අතට ගන්නේ නැතිව සාමකාමී උද්ඝෝෂණයක් නිරත වුනරතුපස්වල සිංහලයන්ට සලකපු විදිහම ඇති. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළ ඔරුගොඩවත්ත දිහා සුනිල් ද කුඩා කියන මනුස්සයව උස්සගෙන ගිහින් වුණ සිද්දියම ඇති. හොයල බලපල්ලා "අපි වෙනුවෙන් අපි" සල්ලි වලින් කළ දේවල්. රණවිරුවෝ කීදෙනෙකුට නිකන් ගෙවල් දුන්නද කියල. ඔවුන්ට සල්ලිවලට ගෙවල් දෙන වෙලේ "අපිවෙනුවෙන් අපි" ගැන අහපු රණ විරුවන්ට සලකපු හැටි යු-ටියුබ් එකේ තියෙනවා බලපල්ලා. මුන් දෙගොල්ලම එක වැල්ලේ පොල්. සාවධානව අහපල්ලා අනිත් අපේක්ෂකයන් ගේ කතා. ඔවුන් කොතරම් සාරවත් ද අදහස් වලින්, දැනුමෙන් පොශිතද, බුද්ධිමත් මිනිස්සු කොපමණ වටේ ඉන්නවද රට වෙනුවෙන් කියල. මේ දෙන්නට ඒකේඩි එක්ක හැරෙන්නවත් පුලුවන්ද රටේ තියෙන සියලු ප්‍රශ්නවල ඇති සාදනීය ප්‍රතිපත්තිමය පිලිතුරුත් එක්ක.

:       0       1279

Chanak los angeles Friday, 25 October 2019 05:19 PM

සාටකයින්ට කව්රු හරි කැමතියි කියන්නේ ඒ ඔක්කොම හොරු...

:       576       1563

chandima Friday, 25 October 2019 06:40 PM

පාට පාටින් අච්චු ගහලා නම් තියෙනවා. දැන් මොනවද ඕකේ තියෙන්නේ...?

:       46       139

රොෂාන් Friday, 25 October 2019 06:44 PM

ප්‍රතිපත්ති ප්‍රකාශන හොඳ ඇති... දොස්තර මාෆියා කල්ලි නායකයත් එතන ඉන්නවා කියන්නේ සෞඛ්‍ය මාෆියාවත් ගෝඨාභය සමග බව පැහැදිලියි.

:       127       665

Chanak los angelesFriday, 25 October 2019 10:00 PM

ඕක ඉතින් කියන්න දෙයක්ද? ඔය දොස්තර මාෆියාව වර්ජන කලේම සාටකයින්ගේ පෙළඹවීමෙන්නේ.. ඒ වර්ජනයන් කරවපු සෑම අවස්ථාවලම කර්මය විසින්ම ඒ අයට පඩිසන් දෙනවා.

:       142       667

Chanak los angeles Saturday, 26 October 2019 01:41 AM

ඔතන ඇවිල්ලා ඉන්නේ දුෂණයට හොරකමට සම්බන්ධ පුද්ගලයන් වෙන්න ඕනේ .. මන්ද මේ අපේක්ෂකයා ඒ ජාතියේම පුද්ගලයෙකු නිසා .

:       120       625

ගිහාන් ලොස් ඇන්ජලිස්Saturday, 26 October 2019 05:59 AM

චානක්ගේ "සාටක වෛරය" දැන් තිරගත වේ..

:       230       134

Chanak los angelesSunday, 27 October 2019 03:24 AM

වෛර කරලා වැඩක් නැහැ. අපිට ඕනේ ජම්පරේ අන්දවලා වැලිකඩ යවන්න.

:       0       44

Nishan Saturday, 26 October 2019 01:57 AM

උත්සව උත්සව උත්සව. දැන් උත්සව නම් කියක් නම් තිබ්බද? අපේක්ෂකයා නම් කළාම එකක් තිබ්බා මේ වගේම මහා සෙනඟක් ගෙන්නලා. තව සම්මේලනය කියලා එකක් තිබ්බා. තව එකක් තිබ්බා අනිත් පක්ෂ එක්ක ගිවිසුම් ගහනවා කියලා. මේවාට නාස්ති කරන විදුලිය ඉතුරු කළා නම් රටට ලොකු සේවයක් වෙනවා මිට වඩා.

:       0       358

Wije Saturday, 26 October 2019 04:04 AM

ඔබ දුටුවාද?

:       0       7

nilu Saturday, 26 October 2019 02:37 PM

ගෝඨාට ජය...!!! හොඳ වැඩපිළිවෙලක්. තද නායකයෙක්. විනයක් ඇතුව වැඩේ යාවි වගෙයි...

:       1233       224

Chanak los angelesSunday, 27 October 2019 03:19 AM

විනයක් තිබෙන නිසාද රජයේ මුදල් හොරකම් කරලා චීත්ත රෙදි තියන්නයි, පනා තියන්නයිද කෞතුකාගාරයක් හැදුවේ? සාටකයන් මෙපමණ රටේ සම්පත් හොරාකාලත් ඔවුන්ට කඩේ යන එකනේ පුදුමේ...

:       0       54

PA - RA Saturday, 26 October 2019 03:17 PM

අපිට අවශ්‍ය නීති ගරුක, ගුණ ගරුක, අවංක, බුද්දිමත්, මහත්මා ගති ඇති මහත්මයෙක්, ඔහු ගැන ගමේ සිටින ගම්බාර මැණිකේ කියා ඇත.

:       23       55

සොහොන්ස ල්ලිSaturday, 26 October 2019 09:46 PM

අවශ්‍ය නීති ගරුක, ගුණ ගරුක, අවංක, බුද්දිමත්, මහත්මා ගති ඇති මහත්මයෙක්- රතුපස්වල, කටුනයකේ, නඩුවලට පෙනිසිටීමෙන්, තමන්ගේ සියලුම ලිපි ගොනු අතුරුදහන් කිරීමෙන්, සොහොන් අපේ සල්ලිවලින් හැදීමෙන් මොනවට පැහැදිලිවෙයි. වැලිකඩ සිද්ධි, තමන්ගේ ගෙවල් කඩන එක වෙනුවෙන් කතාකළ මිනිහ උස්සල පච වීමෙන් නීතිගරුක බව පෙනේ. යුද්දය අවසන් වීමෙන් පසු පාසල් ළමුන් උස්සල කප්පන් ගත්ත අය රැකීමෙන් සැබෑ රණවිරුවාට කරන හානිය. මෙම ළමුන් පැහැරගැනීම ගැන පැමිණිල්ල දැම්මෙත් කරන්නාගොඩමයි එයාට එන නරක නමෙන් ගැලවෙන්න. ගෝඨාභය කරගැහුවේ. රටේ හොදම ඉඩම් විකුණුව. යුදහමුදාවට මෙහෙයුම් මධ්‍යස්ථානයක් නැති කරලා දැම්ම. හමුදාව ඉන්නේ 18 පොලක. මෙන්න දේශප්‍රේමේ.

:       0       116

විසුද්ධිකා Saturday, 26 October 2019 06:46 PM

සුද්දෝ වගයක් ගොඩ බැහැලා, ගෝඨා නම් මාර පොරක් ඕයි

:       1       32

lalithm Monday, 28 October 2019 05:12 AM

සියල්ලටම වඩා භයානක දෙසුමක් කරනවා. බුද්ධි අංශවලට ඕනේ නීතිමය ආරක්ෂාව සපයල කටයුතු කරනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 153 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 502 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1358 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1626 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2132 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1085 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20345 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18174 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site