IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට

(සනත් ගමගේ)

මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර  පානයක් කර ජීවිතක්ෂයට පත් වූ  ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ  තැන්පත් කර ඇති  ධීවර  කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය.

තංගල්ල  ධීවර වරායෙන් ඉකුත් 04 වැනිදා ධීවර කර්මාන්තය සඳහා පිටත්ව ගිය ඩෙවෝන් 5 බහුදින ධීවර වරායේ සිටි ධිවරයන් පස් දෙනකු කිසියම් පාන වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් වී අසාධ්‍ය තත්ත්වයෙන් එක් ධීවර කාර්මිකයෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවර කාර්මිකයන් දෙදෙනා සිංගප්පූරු වෙළෙඳ නෞකාවකින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කරා ගෙන එමින් සිටිය දී එක් ධීවර කාර්මිකයෙක් ජීවිතක්ෂයට පත්විය. එලෙස ජීවිතක්ෂයට පත් වූ තංගල්ල දංකැටිය පදිංචි ජී.එම් අජිත් කුමාර (56) යන අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ දී පැවැත්විණි.

මියගිය අයගේ ශරීරයේ කොටස්. අමාශයේ ඇති දියර , රුධිරය , රජයේ රස පරීක්ෂක වරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව මරණය සම්බන්ධයෙන් තීරණයක් දෙන තෙක් විවෘත තීන්දුවක් දී මරණ කරුවන්ගේ ඥාතීන්ට සිරුර භාරදීම සිදු කෙරිණි.



අදහස් (0)

ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 237 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 637 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 355 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 702 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1250 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 530 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24810 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 717 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site