IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුණතිලක පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙලිකරන්න යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි කී මන්ත්‍රීවරයා රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන කලකිරීමක් පවතින බවද පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නැතැයිද කීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ පහරදීම සිදුවූ බව කියැවිණි. පහර දීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මහතා යුද හමුදා රෝහලට ඇතුලත් කෙරුණු අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකට ලක් කෙරිණි.

තමා පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ මහතා චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කළේය.

 



අදහස් (8)

ගුණතිලක පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙලිකරන්න යයි

savith Thursday, 13 June 2024 10:33 PM

අප්පිරියයයි

:       0       5

Prabha Friday, 14 June 2024 02:36 AM

රනිල් ජනාධිපති වුනත් රට පාලනය කරන්නේ මහින්ද සහ හෙන්චයියෝ කියන එකට හොඳම උදාහරණයක් මේක

:       1       17

siri Friday, 14 June 2024 06:50 AM

පොහොට්ටුවේ තක්කඩි ටික තවම ඉතුරුවෙලා තියෙනවා අනික් උන් දැන් වෙන පැතිවලට මාරු වෙලා

:       0       13

Lalla Friday, 14 June 2024 07:32 AM

පාර්ලිමේන්තුවට මිනීමරුවෝ පත්කලේ කවුද? ජාතික ආරක්ෂාව තරකිරීමේ මන්ත්‍රය විශ්වාස කළ 69 ලක්ෂයක් පොහොට්ටු ඡන්ද දායකයෝ. පාර්ලිමේන්තුව තුළ ඉන්න අයගේ ආරක්ෂාව නැතිව ජාතික ආරක්ෂාව තරකිරීම කොහොමද?. සිංහල ඡන්ද පදනම කොතරම් පහසුවෙන් රවටන්න පුළුවන්ද? අනාගත මැතිවරණ වලදීත්වත් පක්‍ෂවල කූඨ උපක්‍රම වලට හසු නොවන්නට වග බලාගත යුතුයි. කිසිම පක්‍ෂයකට වගකීම වගවීම කියන හැඟීම් නෑ.

:       0       70

Don perea Friday, 14 June 2024 11:19 AM

ඔය පක්ෂයට තාමත් සමහර මිනිස්සු කඩේ යනවා

:       0       34

Kazi Shajahan Friday, 14 June 2024 12:36 PM

ගුටි කැවා මදිවට තවත් පොහොට්ටුවේ ලැගලා ඉන්නවා.

:       0       27

Banda Friday, 14 June 2024 03:07 PM

බල්ලොත් එක්ක බුදියන්න කලින් හිතන්න තිබුණනේ ලොක්කා. රාජපක්ෂ හැතිකරේ වටේ කැරකෙන්නේ නෑනේ... ඔලුවක් තියෙන මිනිස්සු...

:       0       57

Shantha Dias Sunday, 16 June 2024 09:57 PM

මහජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්න මහජන නියෝජිතයින් මෙහෙම තමයි.. තවතවත් මේ සිස්ටම් එකට කඩේ යන ජනතාවට මහ එවුන්ගෙන් වැරැද්දක් වුණොත් නීතිය ක්‍රියාත්මක වෙයිද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 975 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 431 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 848 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 718 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 321 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site