IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගුණසේන විතාන දිවි ගමන නිමවයි

(ආරියරත්න රණබාහු)

ප්‍රකට ප්‍රවීණ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වන ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත විය .

වාමාංශික ව්‍යාපාරයේ පැරණි ගමන් සගයකු වු ඒ මහතා මිය යන විට 93 වනවියෙහි පසුවූ අතර හෙතෙම සිව් දරු පියෙකි.

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති වරයකුද වන විතාන මහතා ප්‍රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයාද විය.

සිංහල කෙටිකතා ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ  ලේඛකයකු ලෙස හැඳින්වෙන ඒ මහතා විසින් රචිත කෙටිකතා රැසක් රුසියාව බල්ගේරියාව සහ ජර්මනිය ආදී විදෙස් සාහිත්‍යයටද පරිවර්තනය කෙරිණි.

හැටේ දශකයේ අග භාගයේදී ග්‍රන්ථකරණයට පිවිසී විතාන මහතා ගේ ‍‘‘රථම‘‘ කෙටිකතා සංග්‍රහය ‘‘අයියා වගේ කෙනෙක්‘‘ නම්විය. එම කෙටිකතා සංග්‍රහයේ කංචුක  චිත්‍රය නිර්මාණය කරනු ලැබුවේ දිවංගත ප්‍රවීණ සාහිත්‍යවේදී ග මහගම සේකරයන් විසිනි .

ජාතික සමගිය පිළිබඳව සිය කෙටි කතා මගින් පාඨකයා දැනුවත් කිරීමට නිරතුරුව කටයුතු කළ මෙම ලේඛකයා විසින් රචිත කෘති අතර රාසම්මා ,සිංහල පියකුට දාව දෙමළ මවකගේ උපන් පුත්තුන්ගේ කතා වස්තුව, ගරු මාංචු, මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ, යාපනේ සිංහල බේකරිය, යන ග්‍රන්ථ වේ.

ඔහු විසින් රචිත අවසන් කෘතිය කැප්පිටිපොලගේ සංග්‍රාමයයනුවෙන් නම් කර තිබිණි.

දේහය (27) සිට බොරැල්ල ජයරත්නමල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (28) සවස 4.00ට බොරැල්ල ු සුසාන භූමියේදී සිදු කෙරේ.

 



අදහස් (2)

ගුණසේන විතාන දිවි ගමන නිමවයි

පිටරැටියා Sunday, 25 August 2024 06:06 PM

මෙතුමා විසින් රචිත ග්‍රන්ථ රැසක්ම මා කියවා තියෙනවා. එතුමා හොඳ සාහිත්‍යදරයෙක්.. අමාමහ නිවන්සුව අත්වේවා .

:       1       45

nihal Monday, 26 August 2024 01:33 AM

දෙවියන්ගේ පිහිටයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 118 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1298 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 538 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 8 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2270 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site