IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගීතා කේන්තියෙන්

(අංජුල මහික වීරරත්න)

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම  දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවනට නිසි තැන, සම තැන දිය යුතු යැයි  කතා කළ ද  පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක්  සිටින බවද රාජ්‍ය  අමාත්‍යවරිය කියා සිටියේය .

රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව සියලු පක්ෂ නායකයින් මීට වඩා උනන්දු විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරිය  මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර  අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයිද  කීවාය.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය.



අදහස් (27)

ගීතා කේන්තියෙන්

Don Don Thursday, 15 August 2024 04:45 PM

ඉතින් ඔයාට ඉල්ලන්නයි තිබ්බේ .. නාම ⁣යෝජනා දෙන්න කලින් එපැයි කැගහන්න

:       2       8

රංබොඩ Thursday, 15 August 2024 05:02 PM

මෙයාට පිස්සු ද අනේ? කාන්තාවන් එන්නේ නැත්නම් මොකද බලෙන් ඇදලා අරන්. දේශපාලනයට දාන්නද...?

:       1       10

ranjith Thursday, 15 August 2024 05:02 PM

ඉතින් ඔබේ නායකයා වෙනුවට කාන්තාවක් දාන්න කිව්වේ නැත්තේ මොකද? දැන් නිකන් පම්පෝරි ගහනවා...

:       1       6

චන්දිම Thursday, 15 August 2024 05:19 PM

ඉතින් දෙයියන්ගේ නාමෙන් ඔයාට දැන්වත් තේරෙන්නේ නැද්ද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු කරන්නෙම බොරුව කියලා.

:       1       6

Che Thursday, 15 August 2024 05:34 PM

ඉතිං ඉල්ලන්නකෝ ජනාධිපති කමට...!

:       0       9

Asanga Thursday, 15 August 2024 06:03 PM

ඡන්දෙ ළංවෙනකොට තමයි ඔය කාන්තා අයිතීන් මතක් වෙන්නේ මේ ගොල්ලන්ට... එතකන් සද්දෙ නැහැ...

:       0       8

Mithrasiri Thursday, 15 August 2024 06:04 PM

එයා හිටියයි කියලත්‍ ලංකාවට වෙච්චි කෙන්‍ ගෙඩියක් තියෙනවද?

:       1       4

කීර්ති Thursday, 15 August 2024 06:35 PM

පිස්සු ද කොහේද? ජනාධිපතිනියක් වෙන්න ඕනෑ නම් ඉල්ලන්නනේ තිබ්බේ! ඔය චන්ද්‍රිකා ජනාධිපති වෙලා හිටියේ...!

:       1       6

nimal Thursday, 15 August 2024 07:11 PM

ඉතින් මෙයාට ඇප තියලා අපේක්ෂිකාවක් වෙන්න තිබුණානේ...!

:       0       5

Raman Thursday, 15 August 2024 07:46 PM

කේන්ති නම් කරන්න තිබුණේ තමුන් ඡන්දයකට ඉදිරිපත් වීම. කවුරුත් එපා කියන්නෙත් නෑ. අනිත් එක මොනවා හෝ දෙයක් කරපු බවට පොඩ්ඩක් හරි පෙන්නන්න පුළුවන් විදිහට ඇමැතිකමත් කරා වගේම තමුන්ට ව්‍යාපාර කළමනාකරණය ගැන අත්දැකීමුත් තියෙනවා. කොහේවත් ඉන්න ජනාධිපති කෙනෙක් සවිමත් කරන්න කියලා ගිහින් ඊට පස්සේ දැන් කාන්තා නියෝජනයක් නෑ කියලා බැන්නාට ඇති වැඩක් නෑ...

:       0       4

රනේ Thursday, 15 August 2024 08:29 PM

ඔරුව නැති හබල නෙමේද?

:       0       2

සිහිබුද්ධිමතා Thursday, 15 August 2024 09:21 PM

පුරුෂයින්ට කාන්තා නායකත්වයක් අවශ්‍ය නම් එහි තේරුම පුරුෂයින්ට නිවැරැදිව සිතීමේ බුද්ධියක් නැති බවයි...!

:       2       2

ගමේ එකාලා Thursday, 15 August 2024 09:34 PM

සුදුසුම කාන්තා නියෝජනය තමුන් කියලා හිතාගෙන ඉන්න නිසා... හිතට අමාරු ඇති...

:       0       2

Rohana Thursday, 15 August 2024 09:35 PM

ඉතිං අනේ ගීතා ඔයාවත් ඉදිරිපත්වෙලා ඒ අඩුව පුරවන්න තිබුණා නේද?

:       0       3

Rohan Thursday, 15 August 2024 09:41 PM

කාන්තා නියෝජනයක් නැති එකේ මෙයාටත් ඉල්ලන්න තිබ්බේ මහත්තයාගේ ඡන්දෙ හරි ලැබෙනවනේ...!

:       1       2

Deepal Nirosh Thursday, 15 August 2024 09:45 PM

ඉතින් සියළු කාන්තා නියෝජනයක් වෙනුවෙන් ඔබතුමියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තිබුණා නොවැ...! අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහනවා. දේශපාලනයේදීත් කරන්නේ ඔය ටිකමයි...!

:       0       3

chandima Thursday, 15 August 2024 10:18 PM

පුපුරු ගගහ ඉන්න වෙලේ ගිහින් නාම යෝජනා දුන්නාම් ඉවරයි නේ?

:       0       3

කරු AHS207 Thursday, 15 August 2024 11:09 PM

අයියෝ ගීත නගා රුපියල් 75000යි නේ. ඇයි ඉතින් ආවේ නැත්තේ... ආච්චි අම්මාට අර ආදාහනයේදී වගේ බැනලා දෙන්නෙක්වත් නැතිවද යෝජනා ස්තිර කරන්ට. අපරාදේ ආවා නම් සටනට උඩින්ම යනවා පස්ස ගේට්ටුවත් පහුකරගෙන... !

:       0       2

Perera Friday, 16 August 2024 12:20 AM

ඉතින් මොකෝ චන්දෙට ඉල්ලුවේ නැත්තේ .කාන්තාවෝ පෝලිමේ ඇවිල්ලා ඔහෙට චන්දෙ දෙන හැටි බලන්න තිබුනා නේ

:       0       6

B Amarasinghe Friday, 16 August 2024 04:53 AM

අනුන්ට බැන බැන ඉන්නෙ නැතුවතමන් ඉල්ලුවා නම් ඉවරනේ

:       0       7

ජයනාත් Friday, 16 August 2024 06:05 AM

කාන්තාවන් බලෙන් අල්ලලා ලැයිස්තුවට දාන්න ද. තමුන්ට ඉල්ලන්න තිබුණ නෙ. නිකං බොරුවට කයිවාරු ගහන්න එපා. ඡන්දෙ ට ඉදිරිපත් වෙලා.. ඡන්ද අරගෙන හැකියාව පෙන්වන්න . බලෙන් ගෙනිහින් පාර්ලිමේන්තුවේ වාඩි කරන සිරිතක් නැහැ .

:       1       8

de silva Friday, 16 August 2024 07:18 AM

මෝඩ ගීතාට වැටහුනේ නැතිවුනාට ලංකාවේ ඉන්න අනිත් කාන්තාවෝ සියලුදෙනාම දන්නවා , තරගේ තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙක් අතරේ පමණක් බව , නිකන් චන්දෙ ඉල්ලලා කාලෙත් මුදලුත් විනාශ කරගන්න ඔවුන් කැමති නැතුව ඇති ,

:       0       7

Jayasekara Friday, 16 August 2024 09:22 AM

විකාර දොඩවනවා... මුන්ව සබේට යවපු උන්ට ගහන්න ඕනෑ

:       0       9

Bunny Preena Friday, 16 August 2024 09:25 AM

හොඳට රඟපානවා

:       0       9

Kazi Shajahan Friday, 16 August 2024 11:41 AM

ගීතා රඟපානවා වගේ නෙවෙයි, කාන්තාවක් දේශපාලනයට යනවා කියන්නේ, ඒක ලොකු කැපකිරීමක්...

:       0       4

pakeer Friday, 16 August 2024 02:58 PM

මගේ ආසම නිළිය ගීතා. ගීතාට ඉතාලි ලුක් එකක් ඉස්සර තිබුණා. හොලිවුඩ් වුණත් රඟපාන්න තිබුණු නිළිය ගීතා කියලයි මම හිතන්නේ. පවු, එයා හුඟක් වයසට ගිහිල්ලා. දුකයි දැක්කාම... වෙන නම් මුකුත් කියන්න නැහැ.

:       1       3

නන්දන Saturday, 31 August 2024 02:36 PM

පිරිමින්ට දොස් කියන්න එපා. තව අවුරුදු මිලියන ගණනකට පසුව පිරිමින් මෙලොවෙන් වඳවෙලා ගියාම තනිකරම කාන්තා නියෝජනය විතරයි. ඉතුරු වෙන්නේ. එතකම් ඉවසලා ඉන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 151 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 66 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 579 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 506 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3379 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 149 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21936 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site