IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.

ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට තීරණය කර තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සුදානම් බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා පවසා ඇත.

වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලුක්දර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන විට කිසිඳු ගාස්තුවකින් තොරව එය සිදු නොවන බවත් ණය මුදල සඳහා තවත් පොලිය එකතු වන බවත් තලුක්දර් මහතා පෙන්වා දී ඇත.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ණය මුදල ගෙවීම සඳහා තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවට වීරසිංහ මහතා සහතික වූ බව තලුක්දර් මහතා පවසා තිබේ.



අදහස් (5)

ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි

madushan Monday, 17 April 2023 02:17 PM

පාසල් හැර යන ප්‍රමාණයට සාපෙක්ශව උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා විදේශ රැකියා ඉලක්ක කර නිර්මාණය කරන්න. මේ සඳහා පුද්ගලික ආයතනවල සහාය ගන්න. අපිට බන්ගලිදේශය පැරදවිය හැකිය...

:       3       11

Sunil Monday, 17 April 2023 02:49 PM

අපේ රට වගේ හිඟන රටක්. පිනාධිපති නම් කියන්නේ දැන් අපි බංකොළොත් රටක් නෙවෙයි කියා. බංග්ලාදේශයෙන් ලබාගත් සොච්චම් ණයමුදලවත් වසර 2කින් නොහැකි වුණා. එය කවදා ආපසු ගෙවයිදැයි අවිනිශ්චිතයි... එනමුත් මගේ රට ලෝකෙන්ම උතුම් රට...

:       3       13

kamalMonday, 17 April 2023 03:18 PM

කවුද කියන්නේ ඔය සොච්චම අපි ගෙවන්නේ නැහැ කියලා. ගෙවන්න තමයි මේ බලන් ඉන්නේ කෝඳුරු තෙල් හත් පට්ටේ හොයාගෙන එන්න යවලා තියෙන්නේ, එක ගෙනාව ගමන් සුරුස් ගාලා ඔය නය සොච්චොම ගෙවලා දානවා.

:       0       9

wimal Monday, 17 April 2023 06:06 PM

ඉක්මණට ගෙවපල්ලකෝ, අර බංගලියන්ගේ සොච්චම ඔවුන් මැරෙන්න හදනවා. රටවල් ගානේ කියවනවා මේ ගැන...

:       0       6

Rata Perata Monday, 17 April 2023 08:48 PM

ඇයි දන්නේ නැහැ කල් ඉල්ලුවේ? සූත්තර පුංචා කිව්වානේ අපේ රට තවදුරටත් බංකොළොත් රටක් නෙවෙයි කියලා... සමහරවිට ඉල්ලුවේ නැතුවාම කල්දීලා ද දන්නේ නෑ... නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 104 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 455 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 543 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2082 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2859 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1285 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 737 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 598 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site