( බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ නිමාලි කහවල)
බුද්ධි අංශ වලට ලද තොරතුරක් අනුව ගිනි අවි නිශ්පාදනය කරන පුද්ගලයෙකු ජීව උන්ඩ සහ ගිනි අවි කොටස් සමඟ අත්අඩංගුවට ගත්බව ඉංගිරිය පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය නම්බපාන ගම්මාන පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක කාර්මිකයෙකු ලෙස සේවය කරන පුද්ගලයකු සිය නිවෙස තුළ නිවෙස තුළ රහසිගත ලෙස ගිනි අවි නිෂ්පාදනයේ යෙදෙන බවට බස්නාහිර පළාත් බුද්ධි සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කියූ උන්ඩ සහ ගිනි අවි කොටස් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු සමඟ ටි 56 උණ්ඩ 09, ක් ,නයින් එම්.එම් උණ්ඩ 06, පොයින්ට් 2 2 උණ්ඩ 01, පතුරම් බහාලිම සදහා භාවිතා කරන කොපුවක් , මන්නා පිහි 02 ක්, ගිනි අවි සැදිම සදහා සකස් කල බවට අනුමාන කල හැකි යකඩ බට 03 ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු ටී 56 උණ්ඩ සහ මිලිමිටර් 9 උන්ඩ යෙදිය හැකි ආකාරයට ඉතා සූක්ෂම ලෙස ගිනි අවි වලට අවශ්‍ය කොටස් නිෂ්පාදනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය
සැකකරු නිෂ්පාදනය කළ ගිනි අවි අපරාධකරුවන් අතර මුදලට අලෙවි කර ඇත්ද යන්න වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය
43 හැවිරිදි සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත .
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගිනි අවි හැදු අයෙක් උණ්ඩ,අවි සමඟ අල්ලයි
හුලං කුරුල්ලා Sunday, 23 April 2023 10:19 AM
යුක්රේන් හරි, රුසියාව හරි දන්නවා නම් පටගාලා වීසා දීලා ජොබ් එකකුත් දෙනවා.
Lalla Sunday, 23 April 2023 07:26 PM
මොහුට උදව්කර මොහුගෙන් හමුදාවට සේවයක් ගන්න. දක්ෂතාවය පමණක්ම සලකන්න.....