(ඩයනා උදයංගනී)
ගෑස් හිඟයක් හා ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තාවීම හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුවූ අතර, මේ වන විට යළිත් ඔවුන් ගැටලුවකට මුහුණ පා සිටින්නේ භූමිතෙල් හිඟයක් ද මතුව ඇති බැවිනි.
ඒ හේතුවෙන් ගෑස් මෙන්ම භූමිතෙල් ලබාගැනීමට ද පෝලිම් නිර්මාණය වී ඇති අතර භූමිතෙල් ලිපද අතහැර දර හා දරලිප්, මැටි වලං කෙරෙහි යොමුවීමට දැන් ජනතාවට සිදුව තිබේ.
ගමේ ගොඩේ සාමාන්‍ය වෙළෙඳහල්වල අලෙවි කළ වළං සහ දර මිටිවලින් දැන් දැන් අගනුවර සුපිරිවෙළෙඳහල් රාක්ක පිරි ඇත.
කොළඹ නගරයේ එවැනි සුපිරි වෙළෙඳහල් රැසක රාක්කවල දරමිටි සහ වළං විකිණිමට තබා ඇත.
(ඡායාරූප ශාන්ත රත්නායක)
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගමේ කඩෙන් සුපිරි කඩයට ගිය වළං
යෝගා Thursday, 30 December 2021 12:53 PM
මේ තියෙන්නේ අලුත් අවුරුද්දට කිරි ඉතිරවීම සඳහා අවශ්‍ය මුට්ටි සහ දර. මේවා කවදත් තිබුනා. ගෑස් භූමිතෙල් හිඟ බව ඇත්ත උනත් මේක වැරදි අර්ථ කථනයක්
fairoos Thursday, 30 December 2021 01:03 PM
සෞභාග්‍යයේ දැක්මේ කොටසක්
BamunuarachchiSunday, 02 January 2022 09:52 AM
වළං කඩේට සෞභාග්‍යය හොයන්න පැනලා වගෙයි.
Hema Thursday, 30 December 2021 01:50 PM
ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ප්‍රකාශ කළ හැකියි. ඔබතුමා ගැන අපිට ආඩම්බරයි ජනාධිපතිතුමනි.
jayasekara Thursday, 30 December 2021 02:14 PM
සෞභාග්‍යයේ දැක්ම.සුපිරියට
Lal Thursday, 30 December 2021 02:24 PM
බලාපොරොත්තු නොවූ ආකාරයේ සුපිරි වෙනසක් ලබා දුන්නට නන්දසේන සර්ට බොහොම ස්තූතියි...
ඉන්දික Friday, 31 December 2021 12:55 PM
ලෝකෙට ණයවෙලා, තමන්ගේ රටේ පාරම්පරික, සංස්කෘතික දේවල්වලට පයින් ගහලා බටහිර තියෙන අධිපරිභෝජනවාදී දේවල් ඔලුව උඩින් අල්ලා ගත්ත ලංකාවේ බහුතරයක් දෙනාට මේ ඉරණම වෙනබව දැනට අවුරුදු 20ට කලින් ප්‍රොෆෙසර් නලින්ද සිල්වා හෝ වෙන මහාචාර්ය කෙනෙක් කිව්වා මතකයි.. ගම සංවර්ධනය කරනවා කියලා ගම්වල තියන දේ විනාශ කරලා නගරේ තියන සින්තටික් බඩු මුට්ටු ගමට විකුණලා බහු ජාතික සමාගම් පාලකයින් එක්ක ගම විනාශ කළා... සමහර ආහාර හොඳ නෑ කියලා සමහර දොස්තරලා දම්මලා ප්‍රචාරය කළා.. මේක දැන් අවුරුදු 30ක් 40ක්ම කළා.. ගමේ එළකිරි බිව්ව මිනිහාට පිටිකිරි පුරුදු කළා.. බත්කාපු මිනිහට පාන් කැව්වා.. කැඳ බිව් මිනිහාට අපහාස කළා... අන්තිමට පාලකයෝ, සමාගම් කවුරුවත් ආවද? කිරිපිටි නැති මිනිහාට බඩගින්නට යමක් දෙන්න... ලිප වෙනුවට ගෑස් ගත්ත මිනිහාට කලේ මොකක්ද? දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ ටීවිවල ඇඩ්වලට, පාලකයින්ගේ සහ බහුජාතික සමාගම්වල කතාවලට නොරැවටී ඉස්සරහට කටයුතු කරන්න.
නිමල් Friday, 31 December 2021 06:48 PM
ගමේ ගොඩේ කරත්තෙත් ළඟදීම එළි බසීවි...
Roland Kuranage Saturday, 01 January 2022 09:52 AM
ඉතාමත් ප්‍රියමනාප ප්‍රවෘත්තියක් රටට අවශ්‍ය වන්නේ දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය... දැන්වත් පිටරටින් ගෙනෙන දේ කෙරෙහි අවධානයෙන් ඉවත්වෙමු...