(ඉන්දිකා රාමනායක)
විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.
විදේශ ගමන් බලපත්රත දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ (22) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබු උපදෙස් අනුව ඔහු කැදවා ප්‍රකාශයක් ලබාගත් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අවශ්ය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි
sachith Tuesday, 23 May 2023 08:13 PM
රටට ඇවිත් ඕනෑ දේවල් ටික ඔක්කොම කරගත්තාට පස්සේ රටින් පන්නනවා..හැබැයි කවදාවත් රටින් පැන්න වටිනා එකෙක්ව රට ඇතුළට ගන්න කියලා කෝල් දීපු ඇමැතිලාව අල්ලන්නේ නෑ. කාවද මේ රවට්ටන්නේ...?
සමන් Tuesday, 23 May 2023 09:45 PM
කවුද මහත්තයෝ මේ චීන ජාතිකයා ගුවන්තොටුපලේ පොලීසියෙන් එළියට අරන් රට ඇතුළට ගත්තේ..? ඒ අයගේ නමක්, ගමක් කියන්න පුළුවන්ද?
don Wednesday, 24 May 2023 03:12 AM
මොහු කරන්න ආපු ඔක්කොම හොර වැඩ ටික එළිවෙන හින්දා එහෙම වුණොත් ගොඩක් දෙනෙක් අහුවෙන හින්දා වහාම පිටකරන්න...
ලුම්බිණි Wednesday, 24 May 2023 07:09 AM
එතකොට මෙයාට කිසිම දඬුවමක් නැහැ.
ලංකාපුත්‍ර Wednesday, 24 May 2023 08:02 AM
චීන්නු ලංකාවට සම්භාධක පනවන්න පුලුවන් .අලි සබ්රිට වගේ චිනාට රටට එන්න පහසුකම් සැකසීම වෙනුවෙන් සම්බන්ධ වුන ඇමතිට දඩුවමක් නැද්ද එහෙම නැත්නම් ආගමන විගමන පාලකට දඩුවමක් දෙනවාද ඇත්තටම මෙහිදී ආගමන විගමන පාලකගේ රාජකාරියට බාධා කල දේශපාලුවට දඩුවමක් දෙනවා නම් රටට සෙතක් වෙනවා එයින්ම දේශපාලුවන්ගේ විනයත් හැදෙන්න පුළුවන්
Perera Wednesday, 24 May 2023 08:06 AM
ගමන් බලපත් දෙකක් අරන් හොරට ආපු චීනට එක නීතියක් ,බලපත් දෙකක් අරන් හොරට ආපු ඩයනට තව නීතියක්
Bunny Preena Wednesday, 24 May 2023 12:26 PM
චීන ජාතිකයා ඩයනාව ආදර්ශයට ගත්තා වත්ද?