( තිළිණි ද සිල්වා සහ තිලකරත්න දිසානායක )
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය .
පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරණය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට රජය කටයුතු යොදා ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය මෙම ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය .
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය.
ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බලප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ.
පසුගිය i හා ii වටයන්හීදී ඒ ඒ ග්‍රාම සේවා වසම් වල පත් කෙරුනු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැනුනු අතර එම සියලු පවුල් සදහා මෙවරද අදාල දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක්
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 October 2020 06:57 AM
ඉතා හොඳ තීරණයක්... හොඳ දේට හොඳයි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් අපට හොඳ කොන්දක් තියෙනවා. ඒත් මෙහි ලියන නිමල් නැමැති දේශපාලන ළදරුවෙකු තමන්ට වාසි පැත්තට රෙදි නැතිව කඩේ යන ගමන් රෙදි අැඳන් ඉන්න අපට චෝදනා කරනවා. අපේ නැට්ටේ එල්ලී චෝදනා කරනවාට වඩා තමන්ගේ මතය හරි හැටි කරුණු කාරණා සහිතව ඔප්පු කිරීමයි ඔහු කළයුතු වන්නේ.
Kamal Koyrala Sunday, 18 October 2020 07:04 AM
කොරෝනා මුල් දවස්වල 5000 දෙන්න ගිහින් ආණ්ඩුව නාගත්තනේ. ඒවායින් පාඩම් ඉගෙන ගෙන වියත් අදහස් ඇතිව සාධාරණව ඇඟලුම් කම්හලේ අයට ගෙවයි. නැතිනම් ඕමාර්ගේ සල්ලිද දන්නේ නැහැ ආණ්ඩුවේ වගේ බෙදන්නේ මෑන්ව ගොඩදාන්න...?
mp Sunday, 18 October 2020 07:24 AM
වයසට ගිය, බැංකු පොලියෙන් ජීවත් වූ අපේ ආදායම හොඳටම බැහැලා. ඒ ආණ්ඩුව බැංකු පොලිය 4.5% කරලා. ජීවත් වෙන්නේ කොහොමද? වයස 60ක් ඉක්ම වූ පටන්.. යම් යැපීම් දීමනාවක් දෙන්න..
pradeepa Sunday, 18 October 2020 07:53 AM
පුළුවන් නම් 20ක් විතර දෙන්න.. 5 කියන්නේ පොල් ලෙල්ලක් දැම්මා වගේ.. අපේ පවුලේ 8ක් ඉන්නවා. 05ක් අරන් මොනවා කරන්නද?
dewa Sunday, 18 October 2020 11:27 AM
ඉතාම හොඳ වැඩක්...
Champa Sunday, 18 October 2020 11:36 AM
එහෙම හරි යන්නේ නැහැනේ... ඇඳිරි නීතිය නැති පළාත්වල මිනිස්සුන්ටත් බඩගිනි දැනෙනවා. ගන්න දෙයක් දැන් තමයි. 20 සම්මත කරගෙන, එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න මේ මාසේ අග ඇමරිකන් රාජ්‍ය ලේකම් ලංකාවට එනකම් ඇඳිරි නීති. පස්සේ කොරෝනා නිකම් මැජික් එකකින් වගේ නැතිවෙනවා. ඔන්න, ගන්න දෙයක් දැන් තමයි. හැබැයි, තව එකක්, එම්සීසී අත්සන් කළොත් හෝ චීන්නුගෙන් ඉල්ලලා තියෙන ඩොලර් මිලියන් 500ක ණය මුදල ලැබුණොත්, සමහරවිට කොරෝනා දෙසැම්බර් දක්වා ඇදගෙන යයි.