IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ගම්පහ නගරයේ කොටසක් වහයි

 

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම හේතුවෙන් පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

 
අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. 
 
ගම්පහ නගරයේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය. 
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට අද (9) වනවිට  ආසාදිතයින් 58 දෙනෙකු හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.  
 
නගරයේ මහ වීදිය ඇතුළු පොදු වෙළඳ පොළ ඇතුළු ඒ අවට වෙළඳසල් 200 ක් පමණ සහ ආශ්‍රිත අතුරු මාර්ග වසා දැමීමට ගම්පහ මහ නගර සභාව මීට පෙර පියවර ගෙන තිබිණි.

 නගර සභාවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෙළඳසල්වලට අමතරව එම ප්‍රදේශයේ ආයතන ද වසා දැමීමට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
 
පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගනිමින් ප්‍රතිකාර පිණීස යොමු කර ඇති බවත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනිද්දා (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය. 
 
අද සවස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලීසිය සහ නාගරික වෙළඳ සංගමයේ නියෝජිතයින්  පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (1)

ගම්පහ නගරයේ කොටසක් වහයි

Prasad Wednesday, 10 February 2021 01:29 AM

ගම්පහට සාපයක් ඵලදෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ
2025 අප්‍රේල් මස 27 222 0

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි


‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 514 5

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 519 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 1030 4

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 1341 1

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 283 1

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 915 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 400 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 557 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site