IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගම්පහ නගරය ජලයෙන් යටවෙයි

(යොහාන් භාසුර)

ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය.

ගම්පහ නගරය ඊයේ පස්වරුව වන විට අඩි දෙක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යටවී තිබූ බව කී එම උසස් පොලිස් නිලධාරියා එම ජල මට්ටම පිළිබඳව පොලිසිය ඇතුළු බලධාරීන් අවදානයෙන් සිටින බව ද සඳහන් කළේය.

බස් රථ තුළට ජලය ඇතුල් වන මට්ටමේ ජලය මට්ටමක් ගම්පහ නගර තුළ පස්වරුවේ තිබූ බවත් රාත්‍රියේ තව දුරටත් වර්ෂාව ඇඳ හැළෙමින් තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (3)

ගම්පහ නගරය ජලයෙන් යටවෙයි

චන්දිම ෆොන්සේකා Monday, 03 June 2024 11:43 PM

දැන් ලංකාවේ වැස්ස කාලයට ඇතිවන ගංවතුරින් යට නොවන ඉඩමක් හොයා ගන්න ඉදිරියේදී බොහොම අමාරු වෙන තත්වයක් පෙන්න තියෙන්නේ. මේ අද යට වෙලා තියෙන බොහොමයක් තැන්වල ඉස්සර මෙහෙම තත්වයක් තිබුනේ නැහැ. වසරින් වසර තත්වය නරක වෙනවා. හේතුව කවුරුත් දන්නවා, වතුර බැහැලා යන අපවහන පද්ධති බොහොමයක් අවහිර වෙන විදියට බොහෝ ඉදිකිරීම් කරලා තියෙන්නේ. අනිත් අතට මහා පොලවේ බොහෝ තැන වල කොන්ක්‍රීට් වලින් වැහිලා නිසා වතුර උරා ගන්න පොලොවට බැහැ. අනාගතයේදී ගෙයක් හදලා හොඳ වාහනයක් තියාගෙන ඉන්න බොහොම අමාරු වේවි.

:       2       10

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 02:19 PM

මාර වැඩේ කොළඹ නුවර අධිවේගෙ මැදින් හදල හදපු ටිකේ බලපෑමෙන් ඔය ගං වතුර, දෙවෙනිදා මීරිගම සිට පස්යාලට එන්න පැය දෙකක් ගියා , ඒ අතර පාර හරහා ගිය ජලකඳ නිසා, ඔන්න ඔහොමයි අපේ හයිවේ. හෙනම ගහපිය, අපිට ඇති වැඩකුත් නැහැ ණයම ගෙවනව. එක එකාට ඕන විදියට ඔව හදල රටම අනාතයි. හිරගෙවල ලගින්න සූදානම් වෙයල්ල කාලකන්නි.දැන් මුල ටිකේ බාගෙට හදපුව කඩන් වැටෙනවලු

:       0       2

Kumar Wednesday, 05 June 2024 12:34 AM

පසුගිය සතිය මම ගත කලේ ලක්බිමෙ. රෑ අටට පමණ පොල්ගහවෙල සිට ගුවන් තොටුපළට ගමන්ගත් අපට ජලගැල්මක් දකින්නට ලඛුනේ නැත. අපි වරකාපොල අසලට පැමිණෙන විට වැටුන ගසද ඉවත්කර තිබුණ බව කියන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 0 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 236 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 233 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 93 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1348 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1602 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site