IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගම්පහ පෞද්ගලික බස් රථ වර්ජනයක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ, අද (9) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කොට තිබිණි. 

ගම්පහ  - කොළඹ ( මාර්ග අංක 200 ) , කිරිදිවැල ( මාර්ග අංක 205) , කඩුවෙල ( මාර්ග අංක 1/ 228) , පූගොඩ (207), පහළ යාගොඩ ඇතුලු මාර්ග කිපයක බස් ධාවනය කිරීම මෙලෙස නතර කොට තිබූ අතර ප්‍රධාන බස් නැවතුම් පොලෙන් ගමන් අරඹා නගරයේ පොදු රථ ගාල අසල නවතා මගීන් ගැනීමේදී , පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් වර්ජනය කරන බව ඊට හේතු දක්වමින් පෞද්ගලික බස් රථ සේවකයින් කියා සිටියහ. 

මෙම වර්ජනයට අනෙකුත් මාර්ගයන්හි බස් රථ ධාවනයෙන් ඉවත්ව එක්වන බව දැනුම් දී ඇති බව ගම්පහ බස් නැවතුම්පොලෙහි ස්ථාන බාර නිලධාරී සම්පත් ජයවීර මහතා සදහන් කළේය.

මෙම පෞද්ගලික බස් සේවක වර්ජනය  සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, බස්රථ ප්‍රධාන බස් නැවතුම් පොලෙන් ගමන් අරඹා නැවතුම් පොලක් නොමැති ස්ථානයක නවතා මගීන් ගැනීම හේතුවෙන් නගර මධ්‍යයේ මාර්ග තද බදයක් සිදුවන තත්ත්වය සහ මෙම අවහිරතාවය සම්බන්ධයෙන් නාගරික වෙළඳ සංගමය මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විසින් සිදු කළ දැනුම්දීම සලකා  මෙලෙස නීතිමය පියවර ගැනීමට පොලිස් රථවාහන අංශය කටයුතු කරන බවය.

මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසිමේදී කියා සිටියේ, පවතින තත්ත්වය සමතයකට පත් කර ගැනීම පිනිස අදාල අංශ සමග සාකච්ඡා කරන බවය.



අදහස් (1)

ගම්පහ පෞද්ගලික බස් රථ වර්ජනයක්

චන්දන Wednesday, 09 November 2022 03:26 PM

වර්ජනය ට බයේ පොලිසිය ගත් පියවර පස්සට ගන්න එපා. මෙයාල යනව නෙවෙයි ගාටනව. ඒකෙන් විශාල මාර්ග තදබදයකුත් ඇති වෙනව . ගම්පහ ඉඳල උඩුගම්පොළ , මිරිස්වත්ත පාරවල් විශේෂ යි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1608 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3446 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 927 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2453 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1303 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6604 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 403 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site