IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගම්පහ පුරපතිගේ අමුතු කෑම බෙදිල්ල

(රංජන් කස්තුරි) 

රජයේ ප්‍රතිපාදනවලින් සකස් කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියක්   සම්බන්ධයෙන් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාට එරෙහිව බස්නාහිර පළාත් සභාව මගින් පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම්   කාර්යාලය සූදානම් කළ කෑම සහ ගම්පහ නගර සභාව  මිලදී ගෙන තිබූ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා මැදිහත්වී එය ඔහුගේ පෞද්ගලික වියදමින් සිදු කළ සමාජ සත්කාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇතැයි ද කියමින් ගම්පහ නගර සභාවේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඒ පිළිබඳව බස්නාහිර පළාත් සභාවට පැමිණිලි කර ඇත.

අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ කෑම සහ වතුර බෝතල් ට්‍රැක්ටරයකින් ගෙන යමින් තිබියදී හිටපු නගරාධිපතිවරයා එම ට්‍රැක්ටරයට ගොඩ වී රියැදුරු පසුපසට යවා ඔහු රථය පදවා ගෙන ගොස් ජනතාවට කෑම බෙදා දී තිබෙන බව ද එමගින් ඔහු දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කර ඇතැයි ද කියමින්  එම මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභාවට පැමිණිලි කර ඇත.

රජයේ ප්‍රතිපාදනවලින් සකස් කළ කෑම සහ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා බලහත්කාරයෙන් මැදිහත් වී ඇතැයි ද ඔහු නගර සභාවේ ට්‍රැක්ටරය   බලහත්කාරයෙන් පදවා ගෙන යමින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇතැයි ද එම විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ පිළිබදව කළ විමසුමකදී බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර සහ වතුර බෝතල් සඳහා තමන්ගේ පෞද්ගලික ධනය ද වැය කළ බවය.

තමා ගමන් ගත් වාහනයට වතුර යෑම නිසා එය මග නතර වූ බව ද එම නිසා තමා නගර සභාවේ ට්‍රැක්ටර් රථයට ගොඩ වූ බව ද එරංග සේනානායක මහතා සඳහන් කළේය.

ගංවතුරෙන් අවතැන් ගම්පහ ජනතාවට සහන සැලසීමට තමා හැමවිටම කටයුතු  කළ බව ද එය ඉවසාගත නොහැකි වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු තමන්ට එරෙහිව බොරු පැමිණිලි කර ඇතැයි ද හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (7)

ගම්පහ පුරපතිගේ අමුතු කෑම බෙදිල්ල

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 06:56 AM

මොවුන් හැමදාම කෙරුවේ හොරා කන එක මිනිස්සු රවටන එකයි.ඒවා නවත්වන්න මේ හොරු කල්ලිය පන්නන්නම වෙනවා. දැනටමත් ලගින්නේ ප්‍රසිද්ධ කුණු ගොඩක නිසා, ට්‍රැක්ටරයට නොවෙයි කුණු ලොරියකට වුණත් නගිවී කිසිම කැතක් නැතිව.

:       1       61

Perera Thursday, 06 June 2024 06:57 AM

ඔව් ඉතින් මහින්ද රාජපක්ෂ එයාගේ පෞද්ගලික වියදමින් මත්තල ගුවන් තොටුපල හදලා මිනිහාගේ නම ඒකට දාගෙන තියෙන්නේ

:       2       70

Nimal 1 Thursday, 06 June 2024 07:01 AM

මේ කම්බ හොරුන්ම හැකි විගසින්ම පලවා හරිමු

:       0       52

චතුරංග Thursday, 06 June 2024 07:28 AM

සාමාන්‍යයෙන් (සම) හරක් දේශපාලුවෝ මෙහෙම දේවල් කරනවා ඉතින් මේවා දකින හරකුත් පෝලිමේ ගිහිල්ලා උන්ටම කතිරේ ගහල එනවා තමන්ගේ වාහනයට වතුර යාම නිසා එය මඟ නතරවූ නිසා එය මඟ නවතා නගර සභාවේ වාහනයට ගොඩවූ බව කියලා තියෙනවා ඔහු නිකම්ම නිකං ගංවතුර බලන්න යද්දී මඟදි තමයි මතක් වෙලා තියෙන්නෙ හිස් අතින් යන්න හොද නැහැ කියලා ඉතින් ඌ කරල තියෙන්නෙ ආණ්ඩුවේ රෙද්දෙන් අමුඩ ගසාගෙන අමුඩෙ උගේ වගේ හෙලුව වහගැනීම තමයි විලිලැජ්ජාවක් නැති පොහොට්ටුවෙ බයියෙක් වෙන්න ඇති මෙහෙම උන්ට නැවතත් අපේකකත්වයට නාමයෝජනා දෙන පක්ෂයත් ප්‍රතික්ෂේප කරන්න ඕන

:       0       42

කරවිට ගේ මඩවල Thursday, 06 June 2024 07:37 AM

ගම්පහ පැත්තේ පන්සල්වල හාමුදුරුවරුත් ඔහොම කරනවා.. රජයෙන් දෙන ආධාර ග්‍රාමනිළධාරීන් හරහා පිළිවෙලකට බෙදාගෙන යද්දි මැදට පැනල තමන්ගේ හිතවත් දායිකාවන් ලංකරගෙන අවභාවිතා කරනවා. මින් පෙරත් ඔහොමයි . ඉතිරි වියළි ආහාර ද්‍රව්‍ය හාමුදුරුවන්ගේ කාන්තා බලඇණියෙ ගෙවල්වල නතරවෙන්නේ.. අන්තිමේදී ග්‍රාමනිළධාරී මහත්ම මහත්මීන්ට තමා මිනිස්සු බනින්නෙ හරියට ආධාර ලැබුනෙ නෑ කියලා...

:       0       39

walpita Thursday, 06 June 2024 08:40 AM

අපේ රටට පළාත්පාලන ආයතන ගැලපෙන්නේ නැහැ කියන්න සාක්ෂි එමටයි . කලාතුරකින් හැරෙන්නට පළාත්පාලන ආයතනවලට තේරීපත්වෙන්නේ ගමේ ඉන්න හොඳම චන්ඩි . මොවුන්ට මන්ත්‍රී කියල කෑල්ලකුත් එක් උනායින් පසුව තවත් ඉදිමුනා . ඔය මිරිස් කුඩු කාරය , රත්තරන් ඇතුළු බොහොමයක් ය මේ පාරෙන් අපු අය . ඒ වගේම තමයි නිලධාරී වාදය. මේ දෙක එකට පෙනවා . මොකද දෙගොල්ලොම ලොකු හිනමනයකින් පෙලෙන වා . සුළු පිරිසක් විතරක් තත්වය තේරුම් ගෙන නිහතමානිව තමන්ට පැවරුණු වගකීම ඉටුකරනවා .

:       0       35

Sunil Thursday, 06 June 2024 09:10 AM

මේකා කිතුල් ගහකට නැග්ගේ නැද්ද?

:       0       36

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2466 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 429 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1721 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5072 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3404 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site