(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ කටයුතු පරිගණකගත කරමින් රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සහ නව අක්ෂි ශල්‍යාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
බාහිර රෝගී අංශයේ කටයුතු පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීම තුලින් රෝගීන්ට අපහසුතාවයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම මෙන්ම ඖෂධ ලබා ගැනීම කඩිනමින් ලබා ගැනීමට හැකි වනු ඇති බව අධ්‍යක්ෂවරයා කීය.
මීට අමතරව මේ වනවිට වසර දෙකකට අධික කාලයක් රෝහල් අක්ෂි ශල්‍යාගාරය අලුත් වැඩියා කටයුතු සදහා වසා තැබීම හේතුවෙන් අක්ෂි රෝගීන් පත්ව ඇති අපහසුතාවය මගහරවා ගැනීම පිනිස, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.ජේ.ඩයස් මහතාගේ මගපෙන්වීම මත රෝහලෙහි තෙවන මහලේ පිහිටි අක්ෂි ප්‍රතිකාර වාට්ටුව තුලම ඇසේ සුද ඉවත් කිරීම පිනිස අක්ෂි ශල්‍යාගාරයක් ස්ථාපනය කොට ඇති බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
වසර දෙකක පමණ කාලයක් ශල්‍ය කටයුතු නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඇසේ සුද ඉවත් කිරීම පිනිස වන පොරොත්තු ලේඛනයෙහි රෝගීන් 2000 ඉක්මවා ඇති බව දැනගන්නට ඇත
බාහිර රෝගී අංශයේ කටයුතු පරිගණකගත කිරීම ආරම්භ කිරීම සහ නව අක්ෂි ශල්‍යාගාරය විවෘත කිරීම ලබන මස 1 වෙනි දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
(ඡායාරූපය:- අක්ෂි වෛද්‍ය අර්ජුන ධර්මවර්ධන මහතා නව ශල්‍යාගාරය නිරීක්ෂණය කළ අයුරු)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ බාහිර ප්‍රතිකාර පරිගණකගත ක්‍රමයට