(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ සිදු කර ඇති බදවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන බව පවසමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති.
බදවා ගැනීමට විරෝධය පළ කරමින් අද (24) උදෑසන 7 සිට පැය 24 ක කාලයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් සේවයට පැමිණීමෙන් වැළකී සිටීම සිදු කරන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී.රත්නායක මහතා පැවසීය.
රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවාව සදහා බදවා ගනිමින් දැනට පුහුණුව ලබා දීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා සදහන් කළේය.
සෞඛ්‍ය අංශ 19 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව පැවසූ සභාපති රත්නායක මහතා, ගම්පහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් 210 දෙනා අතුරින් මෘත ශරීරාගාරය සහ ලේ බැංකුවෙහි සේවය කරන දෙදෙනා හැර රෝහල් මූළුතැන්ගෙය සහ හදිසි සේවා ඇතුළු සියලුම අංශයන්හි සෞඛ්‍ය කාර්ය සහායකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකීමෙන් සියලුම අංශවල කටයුතු අඩාල වී ඇති බවද කීය.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි අපහසුතාවයකින් කටයුතු පවත්වාගෙන යාමට සිදුව ඇති බවය.
මේ අතර මීරිගම රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින්ද මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සම්බන්ධවී සිටීම මත රෝහලෙහි මෘත ශරීර ඉවත්කර ගැනීමට පවා නොහැකිව ඇති බවක් වාර්තා විය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වරති
රසික Wednesday, 24 February 2021 02:13 PM
රැකියා ලක්ෂයේ වැඩසටහන පමණක් නොවේ. උපාධිධාරී බඳවාගැනීම යටතේත් සිද්ධවෙන්නේ මේකම තමයි. පුරප්පාඩු හෝ අවශ්‍යතාවයක් නොමැතිව බඳවාගෙන එකඑක සේවාවලට ඔබ්බවා දැන් මුළුරාජ්‍ය සේවයම අවුලක්...