IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගම්පොළ ලංගම බසයක ත්‍රාස ජනක පැහැර ගැනීමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුරංග රාජනායක)

මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියැදුරකුට පහරදී  වෑන් රථයක දමා ගෙන පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ සහ අනුරාධපුරය අතර ධාවනය වන ලංගම බස් රථයක රියදුර බව පොලිසිය කියයි.

පැහැරගෙන ගිය බස්රථ බස් රථ රියදුරා බස් රථයක ගමන් කරමින් සිටියදී එම බස් රථයට ගොඩ වූ පුද්ගලයින් සිව් දෙනකු  ඔවුන්ට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

බස් රථය පැදවූ රියදුරා ජයමාල ප්‍රදේශයේදී මාර්ගය හරස් කර එම බස් රථය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ලංගම බස්රථයේ සිටි සිව් දෙනා තුවාලකරු ද ඔසවාගෙන වෑන් රථයේ දමා ගෙන පලාගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

ලංගම බස් රථය පදවාගෙන ආ රියදුරා ගම්පොල පොලිසියට ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිලි කර ඇත.

වෑන් රථයේ බලහත්කාරයෙන් දමාගෙන පලාගිය ලංගම බස් රථයේ රියදුරා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.



අදහස් (2)

ගම්පොළ ලංගම බසයක ත්‍රාස ජනක පැහැර ගැනීමක්

siri Sunday, 24 September 2023 02:53 PM

කවුදෝ පහුගිය දවසක අපේ රට දැන් චිකාගෝ වගේ වෙලා කීවේ කට කහනවට නොවේ වෙන්න ඇති...!

:       0       32

සහන් Monday, 25 September 2023 12:32 PM

මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකුව වෑන් රථයක දමා ගෙන පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ සහ අනුරාධපුරය අතර ධාවනය වන ලංගම බස් රථයක රියදුර බව පොලිසිය කියයි. පැහැරගෙන ගිය පුද්ගලයා බස් රථයක ගමන් කරමින් සිටියදී එම බස් රථයට ගොඩ වූ පුද්ගලයින් සිව් දෙනකු ඔවුන්ට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ජයමාල ප්‍රදේශයේදී මාර්ගය හරස් කර එම බස් රථය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. ලංගම බස්රථයේ සිටි සිව් දෙනා තුවාලකරු ද ඔසවාගෙන වෑන් රථයේ දමා ගෙන පලාගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා කීය. බස් රථයේ රියදුරා ගම්පොල පොලිසියට ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිලි කර ඇත. පැහැරගත් පුද්ගලයා පිලිබද තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත. මෙහෙම දැම්මොත් ටිකක් පැහැදිලී නේද?

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 272 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site