IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගම්මුන්ට තඩිබෑ මීගමුවේ පොලිස් ලොක්කයි පොඩ්ඩො 8 යි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පන්නිල ප්‍රදේශයේ ඇලකට දියනෑමට ගොස් ප්‍රදේශවාසීන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට පහරදී තුවාල සිදුකළැයි ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතු`ථ එම අංශයේ පොලිස් නිලධාරීන් නව දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල  මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබුණේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, එම කොට්ඨාසයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකි.

සිද්ධියට අදාළ පැමිණීලිකරුවන්ට සැකකාර පොලිස් නිලධාරීන් හදුනාගැනීමට හැකියාව ඇතැයි සදහන් කර ඇති බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ඇහැලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිද්ධියට අදාළව සැකකරුවන් පෙරේදා (15) නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු ඇහැලියගොඩ පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් නව දෙනා ඉකුත් 14 වැනිදා ඇහැලියගොඩ පන්නිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ඇති බවත් එහිදී පන්නිල ප්‍රදේශයේ ඇළකට දිය නෑමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය ඇති වී ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සැකකාර පොලිස් නිලධාරීන් ඇළට බැස දිය නෑමට ගොස් සිටියදී එහි දියනාමින් සිටි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හා ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම  ගැටුම ඇතිවී ඇති බවත්, එහිදී සැකකරුවන් ප්‍රදේශවාසීන් කිහිප දෙනකුට පහරදී තුවාල සිදුකර ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

මෙම සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් මෙම පහරදීම් සිදුකර ලංකා දණ්ඩ නිති සංග්‍රයේ 140, 314, 316 වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි ඇහැලියගොඩ පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සදහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ආවරණ සහිතව ලබන 27 වැනිදා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.



අදහස් (2)

ගම්මුන්ට තඩිබෑ මීගමුවේ පොලිස් ලොක්කයි පොඩ්ඩො 8 යි රිමාන්ඩ්

sampath Thursday, 16 December 2021 10:08 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට නියන්නද ඒ අමාරුව කිව්වලු. තමන්ගේ තනතුරේ ගෞරවය රැකගන්න දන්නෙ නැති මිනිස්සු මහජන මුදලින් නඩත්තු කිරීම අපරාධයක්.පොලිසියේ සමහර අය හිතන්ඉනනෙ එයාල මහජන මුදලින් නඩත්තු කරන්නෙ මහජනයා තලන්න පෙලන්න කියල. මේ හැසිරීමට උපරිම වශයෙන් විනයානුකූල පියවර ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා.

:       0       6

saminda Friday, 17 December 2021 10:32 AM

ඇහැලියගොඩ පොලීසියට අපගේ උත්තමාචාරය!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 14 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 58 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 30 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 125 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1210 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 57 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site