IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැමියන්ගේ දුක දැක වැවක් හදන යතිවරයාණෝ

(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක  ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.

අනුරාධපුර ගලෙන්බිදුණුවැව පලුගොල්ලාගම ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි ඇලපද්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ තම දායකයන් මුහුණ පා සිිටින ආර්ථික අපහසුතාවයට යම් ප්‍රමාණයකින් හෝ රුකුලක්ව වන්නට  පවුල් තුන්සීයකට පමණ පිරිසකට ප්‍රයෝජනය ගත හැකි පරිදි කරුවලගස්වැව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

ගම්වාසීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා මහා සංඝරත්නය එක්ව කුඩා උත්සවයකින් අනතුරුව පුරාණයේ ගම්වල පැවති චාරිත්‍රා වාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙම කටයුත්ත ආරම්භ කළේය. 

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති ඩී.එම්.එස්.ජේ දිසානායක මහතා, ගලෙන්බිදුණුවැව රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් එක්ව ප්‍රදේශයේ සංඝරත්නයේ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

මෙමගින් කුඹුරු අක්කර පනහකට වැඩි ප්‍රමාණයක් යල මහා දෙකන්න හකියාව තිබුණද  වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවීම හේතුවෙන් අක්කර 25කටත් අඩු ප්‍රමාණයක් මහ කන්නය සඳහා පමණක් කුඹුරු වගාව සිදු කිරීමට හැකිවීම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ගම්මානයේ විහාරස්ථ විහාරාධිපති වශයෙන් කණගාටුදායක තත්වයෙන් පසුවූ එහිදි අනාවරණ විය.

වගකිවයුතු පාර්සයන් දෙස බලා හිඳීමෙන් ප්‍රතිඵලයක් නොමැති කම අවබෝධ කරගත් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නායකත්වය සහ මැදිහත්වීම මත උන්වහන්සේගේ හිතවත් දායකයකු වන දැනට ඇමරිකාවේ සේවයේ නියුතු සරත් ගුණවර්ධන මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක වියදමකින් මෙම වැවෙහි රොන්මඩ ඉවත්කොට වැව් බැම්ම නැවත සකස් කොට ප්‍රදේශවාසීන්ට ජලස්නානය සඳහා නාන මංකඩ සකස් කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

 



අදහස් (6)

ගැමියන්ගේ දුක දැක වැවක් හදන යතිවරයාණෝ

Muthu Sunday, 21 July 2024 01:30 AM

රටේ සමස්ත සිවිල් ජනතාව ඉගෙන ගත යුතු විශිෂ්ට පාඩමක්

:       2       35

Swene Haputhantirige Sunday, 21 July 2024 06:13 AM

ජනතාව ගැන සානුකම්පාවෙන් කටයුතු කරන ඔබ වහන්සේගේ ප්‍රයත්නය සාර්ථක වේවා ! බොහෝ හාමුදුරුවන් වහන්සේලාට ආදර්ශයකි.

:       1       42

ඇබිත්තයෙක් Sunday, 21 July 2024 06:14 AM

එතකොට පොලිස් ස්ස්ථානාධිපතිවරයා ආවා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කෘෂිකර්ම බලධාරී හැටියට හා ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ ප්‍රධානියා හැටියට ඇවිල්ලා නැහැ කොහොමද රටේ සංවර්ධනය කරන්නෙ කියලා හිතාගන්න බැහැ .ගමේ හාමුදුරුවෝ මෙහෙම කිරීම ඉතාමත් අගය කලයුතු වැඩක් තමයි ඒත් අනෙක් ගම්වල සියල්ලම අත් හරින්න කියලා වදාරන හාමුදුරුවන් වහන්සේසේලා අත් හරිනදේ පංසලේ පුරවන්න කීම දායකයින් පංසලෙන් ඈත්වීමට හේතුවක් වෙනවා

:       2       19

රාජපක්ෂ Sunday, 21 July 2024 07:45 AM

හොද වැඩක්. ඒත් ඔකටත් කියයි. නිදහන් හාරනවා කියලා හොදේ

:       3       17

සමන් Sunday, 21 July 2024 02:15 PM

ප්‍රවෘත්ති මාතෘකාවට එකට සරත් ගුණවර්ධන මහත්තයාගේ නම ඈඳුණා නම් තමයි වටින්නේ..!

:       0       5

Upali weerapperuma Monday, 22 July 2024 08:38 AM

තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 13 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 871 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1487 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 416 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 926 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35658 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site