(නිමල් ජයරත්න)
මාදුරුඔය, කුඩාඔය සහ පූනානි විල්ලූව පිටාර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි එකම සිංහල හා තවත් ගම්මාන කීපයක් දින හතරක් තිස්සේ ජලයෙන් යටවීම නිසා තමන් දින හතරක කාලයක සිට ආහාර සපයා ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව පුනානි ගම්වාසීහු සඳහන් කරති.
ගම්මානයේ පවුල් එකසිය දහයක, සාමාජිකයන් දෙසීය අසූපහක් පමණ ජීවත් වන අතර ගම්මානයේ නිවාස යටවීම නිසා සාමාජිකයන්ගෙන් පිරිසක් පූනානි පංච මහා විහාරයෙත්,ප්‍රජා ශාලාවේත්, පෙර පාසලෙත් දැඩි දුෂ්කරතා හමුවේ සිටින බවත් පවුල් කීපයක් ආහාර හිඟයකින් පෙලෙන බවද එම ගම්මානයේ ඇන්ටන් සුරේස් ද සිල්වා මහතා සඳහන් කළේය.
දින හතරක කාලයක් තිස්සේ තම ගම්මානයේ කුඩා දරුවන්ට, ළමුන්ට, මෙන්ම තමන්ට කිසිදු ස්ථානයකින් පිසූ ආහාර තියා කිසිදු වියලි සලාකයක් ලබා නොදුන් බවද ගං උතුරට හසුව සිටින පූනානි ගම්වාසීහු සඳහන් කරති.
මාදුරුඔය කුඩාඔය සහ පූනානි විල්ලූව පිටාර ගම්මානයේ නිවාස අඩි දෙකක් පමණ ජලයෙන් යටවීමත් සමග උස් බිමක පිහිටි පංච මහා විහාරයෙත්, පෙර පාසලේ සහ ප්‍රජා ශාලාවෙත් තවත් කිහිපදෙනකු උස් ප්‍රදේශවල පිහිටා ඇති නිවාසවලින් ආහාර නොමැතිව කාලය ගත කරන බවද සුරේස් සිල්වා මහතා පැවසීය.
වාලච්චෙන පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු වාලච්චේන පොලිස් නිලධාරින් පිරිසක් අද දහවල් ඔවුන්ට අවශ්‍යා වියළි ආහාර ලබාදීමට කටයුතු කර තිබේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්වතුරට යට වූ මඩකළපුවේ ගමක් තනිවේ
Prabha Friday, 12 January 2024 01:33 AM
සිංහල ගම යකාට ගියාදෙන් .රනිල් මාමේ දෙමල ගම් දිහා පොඩ්ඩක් බලන්න .චන්ද ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි
නිමල් Friday, 12 January 2024 05:17 AM
ගම්වතුරෙ මිනිසුන් ඇලෙන්න පුළුවන්!