IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


ගම් වැදුණු සතුන් ගණන් කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

අදාල සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණි පසු තමන්ගේ වත්තේ රිලව්,දඩුලේනුන් මොනරුන් ඇතුළු වන සතුන් කීයක් සිටියා දැයි විනාඩි පහක් ඇතුලත ඇතුළත ගණන් කොට නිලධාරීන්ට දැනුම් දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අයිතිකරුවන් නැති ඉඩම් තිබේ නම් රජයේ නිලධාරීන් මගින් එම වතු වලද සංගණනය කරන බව සඳහන් කළේය.

විනාඩි පහක් වැනි නිශ්චිත කාලයක් අදාළ සංගණනය සඳහා යොදා ගන්නේ වන සතුන් වෙනත් වතු වලට පලා යෑමෙන් දෙවරක් ගණනය වීම වැලැක්වීම සඳහා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

අදාල සංගණනයෙන් පසුව වන සත්ව හානිය සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේ යැයිද කරුණාරත්න මහතා සඳහන් කළේය.

සතුන් වනය අතහැර මිනිස් වාසයට ආවේ ඇයිද යන ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුමක් නොසොයා වට වන්දනාවේ යෑමෙන් පලක් නොවන බව කීය.

වනාන්තර ඇතුලේ ප්‍රමාණවත් තරම් සතුන්ට ආහාර සහ ජලය තිබුණා නම් වන සතුන් ගම් වදින්නේ නැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිසා ඉදිරියේදී වනාන්තර පෝෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කළේය.

 



අදහස් (9)

ගම් වැදුණු සතුන් ගණන් කරන්න යයි

M. I. Indhunil Sunday, 02 March 2025 04:34 PM

පොල් වගාවට හානිකරන දෙපා සතුන් හා එම සතුන්ට කියලා පොල් ගෙන්වාගෙන ආහාරයට ගන්නා සතුනුත් ඔවුන්ගේ බඩු අඩුවට අරගෙන විකුණන සතුනුත් හොර පොල් ගඩබාකිරීමට පහසුකම් සපයන්නෝත් හොරෙන් පොල් කැඩුවාම ලැබෙන පැමිණිළි මත අත්අඩංගුවට පත්වුණොත් නීතිඥයින්ට ගෙවීමට මුදල් දී තමන්ගේ වගාව බේරාගන්නා උපාසකයෝත් ගැන ගණන් ගැනීමකුත් කර පොල්වගා හානි නවත්වනවා නම් ලොකුම උදව්වක් ඇමැතිතුමා..!

:       0       8

අමල් Sunday, 02 March 2025 05:07 PM

දැනුම් දීමයි ! බුරම්පිගේ සංගණනය පහසු කරවීම සඳහා වහාම ගං කබරයෝ 159ම 15 වෙනිදා, පැලවත්ත මූලස්ථානයට වාර්තා කරන්න. මීට ටින් ටින් මහලේනා...!

:       8       48

රිලවා Sunday, 02 March 2025 05:19 PM

අමල් ඔබ සංගනනය වෙද්දී හරක් හැංගිලා ඉන්න .. ඔබ අපේ එකෙක්...

:       29       8

අමල් Sunday, 02 March 2025 05:42 PM

ඔබගේ මවගේ අදහසත් මීට සමානයි !

:       4       23

රිලවුන් Sunday, 02 March 2025 06:14 PM

අම්මෝ අමල් ඔබ අපේ එකෙක්... අපි හැංගෙමු. අපේ අම්මාට ඔයාව මතකයිලු. බේරේ වැවේ නෑවා.. පස්සේ කෑවේ දුවද්දීනේ..!

:       23       2

Vidya Sunday, 02 March 2025 08:21 PM

කිසිදිනෙක මෙය කරනැති නිසා, අත් හදාබැලීමක් වශයෙන් මෙය කිරීම වැදගත්.

:       21       5

pj Monday, 03 March 2025 07:12 AM

විසදුම් ලැබේවිද මේ වගේ අමන ඇමති සත්තු ඉන්න තුරු ....

:       0       6

gamage Monday, 03 March 2025 08:26 AM

ඉඩම් දෙක තුනක් තියෙන, අක්කර 10ක් 15ක් වගේ ලොකු ඉඩම් තියෙන අය කොහොමද විනාඩි 5න් ගනන් කරන්නේ? රිලවු රංචුවක් ඒ වගේ ඉඩමකට ආවම ගණන් කරන එක මරු ආතල් එකක් වෙයි. මීට වඩා ලේසී නැද්ද වන සතුන්ට පැලවත්ත කාර්‍යාලය ඇවිල්ල ලියාපදිංචි වෙන්න කිව්වනම්..

:       0       12

Kamal Monday, 03 March 2025 02:48 PM

බලන්නකෝ ඉතින් කොහොමද රිලව් ගනින්නේ කියලා .එක රිලවෙක් දැන්මම මෙහාට පැනලා අදහස් පල කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුවට නව ආංශික කාරක සභා 7ක්
2025 මාර්තු මස 03 33 0

සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය ක


සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා
2025 මාර්තු මස 03 59 0

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරී


ගල්ඔය අලි මරණ ගැන විමර්ශනයක් පෙත්සමකින් ඉල්ලයි
2025 මාර්තු මස 03 65 0

ගල්ඔය සහ රොටවැව ප්‍රදේශයේදී අලි දෙදෙනකු සහ පැටවුන් 4 දෙනකු දුම්රියක ගැටී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට වනජීවී අධ්‍ය


යුද්ධය අවසන් කරන්න එකමුතුවක්
2025 මාර්තු මස 03 1094 0

රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පසුගියදා නිවේ


වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි
2025 මාර්තු මස 03 350 1

වසර දහයකට පසු ප්‍රථම වතාවට ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්සත් රාජධානියේ තරුණ කාන්තාවන් පිරිමින්


ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
2025 මාර්තු මස 03 757 1

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැ


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19989 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 99 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 412 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 513 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site