(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙමින් , එය පසුගිය වසර අවසන්වීමට ප්‍රථම ඒකකය ඇරඹීමට සැලසුම් කොට තිබූනද එය ත ප්‍රමාදවන තත්ත්වයක් පවතින බව වාර්තාවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල්හි මෙවන් ඒකකයක් නොවීම මත දිස්ත්‍රික්කයෙහි වෙසෙන ලක්ෂ 25 ක් පමණ වන දිවයිනෙහි වැඩිම ජනගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු මැදිහත්වීම මත ගම්පහ රෝහලට කැතීටකරණ ඒකකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි.
මෙම රෝහලෙහි මෙවන් ඒකකයක් නොවීම හේතුවෙන් වර්තමානයේ වර්ෂයකට ප්‍රතිකාර පිනිස ඇතුලුවන 6000 ක් පමණ වන හෘද රෝගීන් අතුරින් විශේෂයෙන්ම වයස අවුරුදු 50 ට අඩු අයද සමග සියයට 20 ක පමණ පිරිසකට හෘද කැතීටකරණ (Angiogram) පරීක්ෂාවන් සිදු කිරීම සහ ස්ටෙන්ට් ( Stent) යෙදීමට සිදුවීම මත රාගම හෝ කොළඹ ජාතික රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා දීම පිනිස පොරොත්තු ලේඛනවල තැබීමට සිදුව ඇති බවත් ඇතැම්විට සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම ඒකකය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂයේදී ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිර්දේශය මත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියද හිමිව ඇත.
රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙව
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාව
ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය
soma Monday, 03 February 2025 09:33 AM
මේ රටට මොකද වෙලා තියෙන්නේ ? හැමතැනම නාස්තිය. නිසි සැලැස්මක්, හොඳ අධීක්ෂණයක් නොමැතිවීම, තමන් ගැන පමණක්ම හිතන පෙළැන්තියක් බිහිවීම වැනි දේ මේවැන්නට හේතුවක් නොවන්නේ ද?