(සුජිත් හේවාජුලිගේ)
ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට ගෙයින් ගෙට යන බවට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන කොමිසම විවිධ ආරවුල් ඇතිවීමටද එය ප්‍රධාන හේතුවක් බව සඳහන් කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෙයින් ගෙට යා හැකි සීමාව මැකෝ කියයි
dhanushka Sunday, 08 September 2024 07:51 PM
මාලිමාව විතරයි අපේ පැත්තෙනම් කැන්වසින් කරන්නෙ.. අනිත් කිසිම පක්ෂෙකට රෙද්දක් ඇඳගෙන යන්ඩත් බෑනෙ ගෙවල් වලට.. හිතට එකඟව කොහොමද හොරුන්ට කැන්වසින් කරන්නෙ
Nishan Monday, 09 September 2024 04:31 AM
මැකෝ මේ නීති දාන්න තිබුනේ මීට මාස කීපෙකට පෙරදියි. ජේවීපී කාරයෝ බස් දාලා පිට පළාත්වලින් සාමාජිකයෝ ගෙන්නලා රතු ටී ෂර්ට් ඇඳන් සේනා පිටින් ගෙවල් වලට කඩා පැනලා කැන්වසින් කරනවා අනියමින් චන්ද දායකයන්ට තර්ජනය කරමින්. චන්ද දායකයෝ ඒ අයව දැකලත් නෑ. මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධියි වගේම චන්ද දායකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක්. නමුත් ඒක නවත්වන්න කෙනෙක් හිටියේ නෑ.
B Amarasinghe Monday, 09 September 2024 11:36 AM
ගෑස් සිලින්ඩරේට වැඩේ හොඳයි. කැන්වසින් යන්න දෙන්නෙක්වත් හොයාගන්න බැරුව ඉන්නේ. සල්ලි දීලාද දන්නේ නෑ... වැටවල්වලින්, තාප්ප, ගේට්ටු උඩින් වැස්ස දවස්වල කොළ විසිකරලා ගිහිල්ලා ඔක්කෝම වැස්සට තෙමිලා කියවා ගන්නත් බැරි වුණා...